මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු රැකියා හා කම්කරු අමාත්‍යවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    සැප්තැම්බර් 19, 2023

    කොරියානු ජනරජයේ රැකියා හා කම්කරු අමාත්‍ය ලී ජුං-සික් (Lee Jung-sik) මහතා ප්‍රමුක දූත පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී මහත්මිය එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දැක්වූ කොරියානු රැකියා හා කම්කරු අමාත්‍ය ගරු ලී ජුං- සික් මහතා සඳහන් කළේ, වත්මන් ආර්ථික හා සමාජීය වෙනස්කම්වලට අනුව කොරියානු රැකියා බලපත්‍ර ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරෙන අතර එමඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හට ලබා දෙන රැකියා කෝටාව වැඩි කිරීම සඳහා අපේක්ෂා කරන බවයි. මෙම ප්‍රතිව්‍යුහගතකරණය තුළින් ශ්‍රී ලංකාවට ඇති අවස්ථා විශේෂයෙන්ම විවිධ කර්මාන්ත අංශ සහ විශේෂිත සේවා අංශය වෙත පුළුල් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙයට අමතරව, ශ්‍රී ලාංකිකයින්ට කොරියානු භාෂාව ඉගැන්වීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ කොරියානු රැකියා සහ කර්මාන්ත අමාත්‍යවරයා කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) සහ අනෙකුත් සහයෝගීතා වැඩසටහන් තවදුරටත් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

    කොරියානු රැකියාවල නිරතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ප්‍රතිලාභ ලැබෙන බවත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විවධ රැකියා අංශ හරහා සේවයේ නිරතවීමට වැඩි අවස්ථාවන් ලබා දෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී ඉල්ලීමක් සිදු කළේය. එමෙන්ම කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) ශ්‍රී ලංකාවට නිරතුරුව ලබාදෙන සහය පිළිබඳව ද කථානායකවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya