මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති කාර්ය සාධන බලකායේ සේවය කරන බව අඟවමින් විදේශ රැකියා ලබාදීමට මුදල් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    සැප්තැම්බර් 19, 2023

    ජනාධිපති කාර්ය සාධන බලකායේ සේවය කරන බව අගවමින් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගත් පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ( 18) දින අත්අඩංගුවට ගෙන තිබේ.

    විදේශ රැකියා අමාත්‍යාංශය, එහි විෂය භාර අමාත්‍යවරයාගේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමාගේ අනුග්‍රහයෙන් නවසීලන්තය, නෙදර්ලන්තය, දකුණු කොරියාව හා ජපානය වැනි රටවල රැකියා ලබාදීමේ වැඩසටහනක් පවතින බවත්, ඒ සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක් වැය වන බවත්, මුලින් රුපියල් ලක්ෂ 7.5 ක මුදලක් අවශ්‍ය යැයි ජනාධිපති කාර්ය සාධන බලකායේ පුද්ගලයෙකු විසින් ප්‍රකාශ කරන බවට කාර්යාංශය වෙත පැමිණිලි ලැබී තිබුණි.

    ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් විසින් උපාය දූතයෙකු මාර්ගයෙන් අදාල පුද්ගලයා බත්තරමුල්ල නගරය වෙත කැඳවා ගත් අතර, “ජනාධිපති කාර්යාලය” ලෙස සඳහන් නාමපුවරුවක් සහිත මෝටර් රථයකින් ඔහු අදාල ස්ථානයට පැමිණ තිබේ. උපාය දූතයින් හමුවූ අවස්ථාවේදී, තමන් නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන බව පවසමින් රාජ්‍ය නිළධාරියෙකු ලෙස හැගවෙන පරිදි කටයුතු කර ඇත.

    එම පුද්ගලයා විසින් එහිදී විදේශ රැකියා ලබාදීම සඳහා ගිවිසුමක් සකස් කර ඇති අතර, එම අවස්ථාවේදී විමර්ශන නිළධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

    අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ( 19) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya