මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවකවදය සම්බන්ධයෙන් පවතින විමර්ශන කටයුතු -  ශ්‍රි ලංකා පොලීසිය සම්බන්ධ වී නව පියවරක් 

    සැප්තැම්බර් 18, 2023
    නවකවදය සම්බන්ධයෙන් පවතින විමර්ශන කටයුතු සෘඡුව පැවැත්වීමට අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්  පොලිස්පතිතුමා විසින් මාස කිහිපයකට පෙර නිකුත්කළ බවත් ඒ් අනුව උසස් අධ්‍යාපන අමාත්‍යංශය , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවත් සහ ශ්‍රි ලංකා පොලීසියත් සම්බන්ධ වී නව පියවරක් ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය .
     
     ඒ් මහතා මේ බව පැවසුවේ , නවකවදය පැමිණිලි සඳහා ස්ථාපත හදිසි ඇමතුම් ඒ්කකය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙි පැවති මාධ්‍ය හමුවකට ඒක් වෙමිනි.
     
    වට්ස්ඇප් යෙදවුම මඟින් නවකවදය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබා දීමට 0765453454 යන නව වස්ට්ඇප් අංකය පසුගිය 12වැනිදා පොලිස් විශේෂ කාර්ය්‍යංශ මූලස්ථානයේ ස්ථාපිත කල බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා නවක වදය සම්බන්ධයෙන් ඇති ඡායා රූප , විඩියෝ දර්ශන ආදී  තොරතුරු ඒම අංකයට ලබා දිය හැකි බව කීය.
     
    එසේම නවක වදය සම්බන්ධයෙන් තොරතුරු මධ්‍යස්ථානයට ලද විගස අපරාධ පර්යේෂන දෙපාර්තමේන්තුවට යොමු කරන බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා එහිදී  නවකවදය සම්බන්ධව විමර්ෂණ සිදු කරන කණ්ඩායම සමඟ සම්බන්ධ මෙම පැමිණිලි  සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බවත් එම තොරතුරු යම්කිසි ආකාරයකට නවකවදය සම්බන්ධව ඇති පනතට ඇතුලත් කර ගැනීමට හැකි නම් ඒ් සම්බන්ධව විමර්ශන කටයුතු අනිවාරයයෙන්ම අපරාධ පර්යේෂන දෙපාර්තමේන්තුව ආරම්භ කරන බවද පැවසුවේය.
     
    නවක වදය සම්බන්ධ ලැබුනු තොරතුරක් එය සාමන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක කළ යුතු ආකාරයේ වරදක් ලෙස නිරික්ෂනය වේ නම් එය අදාල පොලිස් ස්ථානයට යොමු කිරීමක් සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා කීය.
     
    මීට පෙර පොලීසිය විසින් කිසියම් අපරාධයක් සම්බන්ධව තොරතුරු ලබා දීමට මහජනතාවට හඳුන්වා දී ඇති 1997 දුරකතන අංකය ද නවකවදය සම්බන්ධයෙන් ඇති තොරතුරක් ලබා දීමට භාවිතා කල හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
     
    මහජනතාවගේ ප්‍රයෝජනයට මෙන්ම හදිසි අවස්ථාවක දී අවශ්‍ය පණිවිඩයක් , තොරතුරක් ලබා දීමට පොලිසිය යම්කිසි දුරකතනයක් ස්ථාපිත කල විට ව්‍යාජ තොරතුරු ලබා දීමට බොහෝ පිරිස කටයුතු කරන බව පෙන්වා දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා  ඒවැනි තොරතුරු තුළින් තවත් පුද්ගලයෙකු අපහසුතාවය ලක් කීරීමට ඒවැනි අසත්‍ය තොරතුරු ලබා දෙන අයටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද කීය.
     
    මෙම මාධ්‍ය හමුවට උසස් අධයාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ ලේකම් මහාචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා , ශ්‍රි ලංකා මානව හිමිකම් කාමිෂන් සභාවේ නීති නිලධාරී නීතිඥ ආර්.ඊ.අබේනායක මහතා යන මහත්වරුන්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya