මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වලංගු රැකියා ඇණවුමකින් තොරව විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවාගත් කුරුණෑගල ඒජන්සිකරු දැලේ

    සැප්තැම්බර් 17, 2023

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව ඩුබායි, මාලදිවයින හා කුවේට් යන රටවල රැකියා ලබාදීම සඳහා තැනැත්තන් බඳවාගැනීම සිදුකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ( 15) දින අත්අඩංගුවට ගන්නා ලදී.

    අත්අඩංගුවට ගත් සැකකරු විසින් කාර්යාංශයේ අනුමත වලංගු රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ආයතනය විසින් කටාර් රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන තිබේ. එසේ තිබියදී නිසි අවරයකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින්, ඩුබායි, මාලදිවයින හා කුවේට් යන රටවල රැකියා ලබාදීම සඳහාද පුද්ගලයින් බඳවා ගැනීම සිදුකර තිබේ.

    වලංගු රැකියා ඇණවුමකින් තොරව විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවාගැනීම සිදුකරන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට ලද තොරතුරකට අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට පවත්වාගෙන ගිය මෙම ආයතනය අද දින වැටලීම් කරන ලදී.

    විමර්ශන නිළධාරීන් විසින් එම ආයතනය වැටලීම් කරන විටත් ඔවුන් වලංගු රැකියා ඇණවුමකින් තොරව විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවා ගැනීම් සිදුකරමින් සිට තිබේ. අදාළ ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 272, ජීව දත්ත පත්‍රිකා හා තවත් ලේඛන රැසක්ද නිළධාරීන් භාරයට ‍ගන්නා ලදී.

    වලංගු රැකියා ඇණවුමකින් තොරව විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවාගැනීම යන චෝදනාව යටතේ, අත්අඩංගුවට ගත් සැකකරු අද දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya