මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සේද හරසර'' රූපවාහිනී වැඩසටහන විකාශය කිරීමේ 05 වැනි සංවත්සරය කොළඹ දී සැමරේ

    සැප්තැම්බර් 16, 2023

    '';එක් තීරයක් එක් මාවතක්''යෝජනාව ඉදිරිපත් කිරීමේ 10 වැනි සංවත්සරය සහ ''සේද හරසර'' රූපවාහිනී වැඩසටහන විකාශය කිරීමේ 05 වැනි සංවත්සරය කොළඹ දී සැමරේ.

    චීන මාධ්‍ය සමූහයේ ආසියා සහ අප්‍රිකා භාෂා වැඩසටහන් මධ්‍යස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය සමග සහයෝගීත්වයෙන් ''එක් තීරයක් එක් මාවතක්'' යෝජනාව ඉදිරිපත් කිරීමේ 10 වැනි සංවත්සරය මෙන්ම '';සේද හරසර'' රූපවාහිනී වැඩසටහන විකාශය කිරීමේ  05 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ විද්වත් සංවාදයක් ඊයේ (14) කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණ. 

    මේ සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙසට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ  ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Zhu Yanwei මහතා එක්වූහ. 

    ''සේද හරසර''රූපවාහිනී වැඩසටහන විකාශය කිරීමේ 05 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබිණ. ''සේද හරසර''රූපවාහිනී වැඩසටහන
    හරහා දෙරටේ ජනතාව සමීප කරවීමට දැක්වූ කැපවීම එම සුබ පැතුම් පණිවිඩය මගින් ඉහළින් අගය කෙරේ. 

    මෙම උත්සවය ''හදින් හද බැ‍ඳෙන පොදු අනාගතයක්'' යන තේමාව කේන්ද්‍ර කර ගනිමින්, ''එක් තීරයක් එක් මාවතක්''සංස්කෘතික හුවමාරුව සඳහා මාධ්‍ය සහයෝගීතාවයේ වැදගත්කම සහ '';එක් තීරයක් එක් මාවතක්'' ඒකාබද්ධ සංවර්ධනයෙන් ගෝලීය ආර්ථිකයට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණ.

    කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය සුගත් සෙනරත්, ක්වාලාලම්පූර් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සමිත හෙට්ටිගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, ජ්‍යේෂඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි යන මහත්වරු ප්‍රධාන දේශන පැවැත්වූහ. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, මාධ්‍යවේදීහූ, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයෝ රැසක් ඊට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya