මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලිනෝච්චියට නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථානයක්

    සැප්තැම්බර් 16, 2023

    නැවත පදිංචි කරන ලද ජනතාවට පිරිසිදු පානිය ජලය ලබා දිමේ අරමුණින් නාගරික සංවර්ධන හා නිවාස ඉදි කිරිමේ අමාත්‍යංශය මගින් කිලිනෝච්චිය පන්නංකන්ඩි ගම්මානයේ ඉදිකරන ලද නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථානය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් (14) විවෘත කළේය.

    එදින කිලිනොච්චි දිස්ත්‍රිකයේ සංචාරයක යෙදුණ ධීවර අමාත්‍යයවරයා එම දිස්ත්‍රිකයේ නොයෙකුත් උත්සවයන්ට සහභාගි විය. කිලිනොච්චි මන්නංකන්ඩි ගම්මානයේ ඉදි කෙරුණු මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය අමාත්‍යවරයාගේ අනුදැනුම යටතේ ඉදිවූවකි.

    යුද්ධය නිසා අවතැන් වි නැවතත් පදිංචි කරන ලද කිලිනොච්චි ජනතාවට පානිය ජලය ලබාදිමේ අරමුණින් නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන 23ක් ඉදි කිරිමට නියමිතව ඇති අතර එහි පළමු අදියර වශයෙන්  ජල පිරිපහදු මධ්‍යස්ථාන 5 ක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයේන් ජනතාව සතු කළේය.

    මෙහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ යුද්ධය නිසා අවතැන් වී නැවත පදිංචි වු ජනතාවට පිරිසිදු ජලය ලබාදිම රජයේ වගකිමක් බවද එමනිසා ජනාධිපති රනිල් වික්‍රම සංහ මහතා ගේ උපදෙස් පරිදි මෙම නැනෝ ජල ව්‍යපෘතිය හැකි ඉක්මණින් විවෘත කිරිමට කටයුතු කළ බවයි. ඉතිරි නැනෝ ව්‍යපෘතිය ප්‍රමාණයත් හැකි ඉක්මණින් විවෘත කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya