මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "වර්ජන රැලිවලට හසු නොවෙමින්,දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු නොකරමින් වෘත්තිය වගකීම රට වෙනුවෙන් ඉටු කළ සියලු දෙනාට ගෞරවය පිරිනැමිය යුතුයි."

    සැප්තැම්බර් 15, 2023

    "වර්ජන රැලිවලට හසු නොවෙමින්,දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු නොකරමින් වෘත්තිය වගකීම රට වෙනුවෙන් ඉටු කළ සියලු දෙනාට ගෞරවය පිරිනැමිය යුතුයි."

    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන 

    රත්මලානේ පිහිටි දුම්රිය ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය සහ වැඩබිමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක්වුණා.ආයතන පරිශ්‍රයේ එක් එක් අංශවල කාර්යභාරය පිළිබඳව නිරීක්ෂණය කළ අමාත්‍යවරයා ආයතනයේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහක ද නිරත විය.

    නිරික්ෂණයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    "සුවහසක් මගී ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා දැනට පවතින දුම්රිය එන්ජින් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. දුම්රිය 100ක් පමණ අවශ්‍ය වුවත් දැනට පවතින්නේ හැත්තෑවක පමණ ප්‍රමාණයක්. අලුත් දුම්රිය එන්ජින්, රේල් පීලි, අමතර කොටස් ලබා ගැනීම සඳහා විදේශ ණය ලබා ගැනීමේ අපහසුතාවක් පවතිනවා. විදේශ ණය මුදලක් ලබා ගැනීමකින් තොරව අලුත් දුම්රිය එන්ජින්, මැදිරි මිලදී ගැනීමේ හැකියාවක් නැහැ.

    රත්මලාන දුම්රිය යාන්ත්‍රික වැඩපොලේ පවතින ගැටලු කිහිපයකට කඩිනම් විසඳුම් ලබාදීම යුතුයි. ආයතනය වඩාත් පලදායි ලෙස පවත්වාගෙන යෑම සඳහා, දැනට තිබෙන පැරණි දුම්රිය එන්ජින් ඇතුළු යන්ත්‍රෝපකරණ අලුත් වැඩියා කිරීම සඳහා ජර්මානු දුම්රිය තාක්ෂණික ආයතනය පුහුණුව ලැබූ තරුණ තරුණියන් සියයක්, දෙසීයක්‌ පමණ බඳවා ගත යුතුයි. විදේශ විනිමය අර්බුදය නිසා ලබාගත නොහැකි වූ අමතර කොටස් ඇතුළු අංගෝපාංග ලබාදිය යුතුයි.

    ඒ අනුව මාස හයක පමණ කඩිනම් වැඩපිළිවෙළක් යටතේ නව දුම්රිය එන්ජින් විස්සක් පමණ ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙළක් සියලු දෙනාගේ දායකත්වය සහිතව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය සහ රජයේ අනුමැතිය ලබා ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
    මෙම කර්මාන්ත ශාලාව තුළ දෙදහසක් තුන්දහසක් පමණ සේවක පිරිසක් රාජකාරියේ නිරතව සිටිනවා. දුම්රියේ හදවත බඳු වූ ඔවුන් කිසිදු අවස්ථාවක වර්ජන වලට දායක වී නැහැ. වර්ජන රැලිවලට හසු නොවෙමින්, දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු නොකරමින් වෘත්තිය වගකීම රට වෙනුවෙන් ඉටු කිරීම පිළිබඳව ඔවුන්ට මගේ ස්තුතිය පිරිනමනවා.

    ආයතන වඩාත් පලදායි ලෙස පවත්වාගෙන යෑම පිළිබඳව සියලුම තීරණ ගත හැකි වන්නේ අපට කොතරම් විදේශ ණය ප්‍රමාණයක් ලැබෙනවා ද යන්න මත. ලංකාවේ කිසිම රජයකට එදිනෙදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. සෑම රජයකම වර්තන ගිණුමේ හිඟයක් පැවතුණා. හිඟ අයවැය ලේඛනයක් යටතේ විදේශ ණය ආධාර වලින් තොරව රට පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ. ඒ නිසා වසර ගණනාවක් පැරණි මේ ස්ථානයේ පවතින දුම්රිය කොටස් නැවත ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයකට පත් කිරීම මුදල් නොමැතිව සිදු කළ නොහැකියි.

    රටේ සියලු දෙනා නීතියට අනුගත ව කටයුතු කළ යුතුයි. ඒ අනුව පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් අනතුරුව සියලු දෙනා එම නීතියට අවනත විය යුතුයි.

    මගේ ඉල්ලීම පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවේ අනාගත කටයුතු පිළිබඳව නිර්දේශ ලබා දීමට විශේෂඥ කමිටුවක් පත්කර කටයුතු සිදුකරමින් පවතිනවා. මාස දෙකක් තුළ එම කමිටුවේ නිර්දේශ ලබා දීමට නියමිතයි. ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට අදාල පත්‍රිකාව ද කඩිනමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා.එම කමිටුවේ නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව කවරාකාර වෙනස්කමක් සිදු කළ යුතුද යන්න පිළිබඳව අවශ්‍ය තීරණ ගැනීමට අප කටයුතු කරනවා.

    දුම්රිය පෞද්ගලීකරණය කළ යුතුයි යන මතය ජනතාව තුල විශාල ලෙස පැලපදියම් වී තිබෙනවා. ජනතාවටත්, දුම්රිය සේවකයින්ටත් මෙම කමිටුව වෙත සිය අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.ඒ අනුව රටේ අනාගතයට යහපත් වන පොදු තීරණයකට එළඹීමට අප කටයුතු කරනවා."

    දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් ඩී එස් ගුණසිංහ මහතා, ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කේ ඩී හේවාවිතාරණ මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya