මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ස්‍ය අස්වැන්න නවීන තාක්ෂණයයෙන් නෙළාගැනීමට චීනයේ සහාය

    සැප්තැම්බර් 08, 2023

    මෙරට ධීවර ක්ෂේත්‍රයේ සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීන කර්මාන්තකරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  06 දින පාර්ලිමේන්තුවේදී හමුවිය.

    චීනයට පමණක් නොව යුරෝපය සහ උතුරු ඇමරිකාව ඇතුළු විදේශ වෙළෙඳපොළ වෙත ද මත්ස්‍ය සැකසුම් සහ අපනයන ආයෝජන සඳහා විශාල විභවයක් පවතින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    නියෝජිත පිරිසට නායකත්වය දුන් Fujian ප්‍රාන්තයේ ජලජ නිෂ්පාදන තොග කර්මාන්ත සංගමයේ සභාපති Yushu Huang පැවසුවේ සංගමය චීනයේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයා වන අතර මෙරට වෙරළබඩ වරායක් ආසන්නයේ මත්ස්‍ය නිෂ්පාදන සැකසීම සහ අපනයනය සඳහා විශාල මත්ස්‍ය සැකසුම් කර්මාන්ත ශාලාවක් පිහිටුවීමේ හැකියාව ඇති බවයි.

    චීන ආයෝජකයින් මසුන් ඇල්ලීම සඳහා නවීන බහුදින ධීවර යාත්‍රා සහ මාළු සැකසීම සඳහා නවීන තාක්‍ෂණය භාවිතා කරන බව එම සංගමයේ ලේකම් Huang Jincheng සඳහන් කළේය.

    චීන කර්මාන්තකරුවන්ට මාළු සැකසුම් කර්මාන්ත ශාලාවක් පිහිටුවීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන බව මෙම අවස්ථාවට සහභාගී වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ කුඩා ධීවර වරායන් සංවර්ධනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහය වන ලෙස අග්‍රාමාත්‍යවරයා ෆුජියන් ප්‍රාන්තයේ ජලජ නිෂ්පාදන තොග කර්මාන්ත සංගමයෙන් ඉල්ලා සිටි අතර චීන නියෝජිත පිරිස එම ඉල්ලීමට එකඟ විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, Wuxi Kaushi Foods සමාගමේ Zubu Huang මහතා, Beijing Catering කළමනාකාරීත්වයේ Xinxing Huang මහතා සහ Ocean Times International සමාගමේ Dongsheng Chen මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya