මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “අස්වැසුම” දෙවන අදියරෙන් ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභීන් 257,170කට ගෙවීම් - මුදල් රාජ්‍ය අමාත්‍ය

    සැප්තැම්බර් 08, 2023

    “අස්වැසුම” දෙවන අදියර ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් 257,170 ක් සදහා ජුලි මසට අදාළ රු. මි 1,550 ක මුදල බැංකු වෙත මේ වනවිට බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

    ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව බැංකු මගින් ප්‍රතිලාභී ගිණුම් සදහා එම මුදල් හෙට දිනය වනවිට බැර කරනු ඇති බවයි.

    ගිණුම් තහවුරු කරගත් පසු ඉතිරි ප්‍රතිලාභින් සදහා ගෙවීම් කිරීමට සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු සුදානම් කර ඇති අතර ජුලි මසට අදාල ගෙවීම සිදුකළ පසු, අගොස්තු මසට අදාළ ගෙවීම සියළු ප්‍රතිලාභින් සදහා එකවර සිදුකිරීමට හැකියාව පවතින බව ද ඔහු පෙන්වා දෙයි.

    පළමු අදියර ලෙස ප්‍රතිලාභි පවුල් 791,000 කට අදාල රු. මි 5’016 ක් ගෙවා අවසන් කර ඇති බවත්, මේ වන විට “අස්වැසුම” ට අදාළව පවුල් 1’048’170 කට රු.මි. 6,566 ක මුදලක් රජය ගෙවා ඇති බවත්, රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    එමෙන්ම, අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියළු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදු කරනු ඇත.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya