මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය වෛද්‍ය පනත ඒකමතිකව සම්මත කරගැනීම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ විජයග්‍රහණයක් - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි

    සැප්තැම්බර් 08, 2023

    දේශීය වෛද්‍ය පනත ඒකමතිකව සම්මත කරගැනීම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පුනරුදයක් මෙන්ම විජයග්‍රහණයක් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ,(07) රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවේදී දේශීය වෛද්‍ය පනත සහ පැවැත්වීමට නියමිත දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    අපේ රටේ මෑත කාලයේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වූ ක්‍රියාදාමයක් හැටියට දේශීය වෛද්‍ය පනත් කෙටුම්පත් සං‍ශෝධනය කිරීම සලකන බව කියාසිටි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා 1961 වසරේ ගොඩනැගුණු ඉතා විශිෂ්ඨ පනතක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ ආයුර්වේද පනත හඳුන්වා දුන්නේය.

    අවස්ථා කීපයකදීම පනත යාවත්කාලීන කිරීමට සහ පනත් කෙටුම්පත් සංශෝධනය කිරීමට සහ තිරසාර සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට අමාත්‍යවරු රැසක් උත්සාහ කළ බවද කියාසිටි රාජ්‍ය අමාත්‍යවරයා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය වාණිජමය වශයෙන් ආර්ථිකමය වශයෙන් විදේශ විනිමය උත්පාදනය කිරීමේ මාර්ගයක් ලෙස සමාජයට ගෙනයාම වැනි අරමුණු වලින් දේශීය වෛද්‍ය පනත් කෙටුම්පතට සං‍ශෝධනයන් ඉදිරිපත් වුණු බවද සඳහන් කළේය.

    මෙම සංශෝධන වලදී විශේෂයෙන් සැලකිල්ලට ලක්කළ කරුණු වශයෙන් අප රටේ සියවස් ගණනාවක් පුරා පැවති පාරම්පරික සහ හෙළ වෙදකමට කිසිසේත්ම ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් සංශෝධන ඉදිරිපත් කළ බවද ආයුර්වේද ක්ෂේත්‍රයේ මුහුණ දුන් ගැටලු වලට අභ්‍යන්තරික, පරිපාලනමය සහ ව්‍යූහාත්මක වශයෙන් ඇතිවිය යුතු වෙනස්කම් හොඳින් තෝරාගෙන දීර්ඝකාලීන සාකච්ඡා කර 100%ක් නොවුණත් යම් පමණකින් එළිදැක්වීමට හැකිවූ බවද අවධාරණය කළේය.

    විශේෂයෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ව්‍යූහය ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා බවට කොමසාරිස්වරයා පත්කරමින් අනුකොමසාරිස්වරුන් පත් කරමින් ව්‍යූහයේ වෙනසක් කිරීමට පළමුවෙන්ම මෙම පනත මගින් යෝජනා කළ අතර ඒ සම්බන්ධයෙන් අනුමැතිය හිමිවූ බවද සඳහන් කළේය.

    විශේෂයෙන් මෙම පනත බෙදීම් රහිතව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයන් සහිතව ඉදිරිපත් වුණු බවද එනිසා විශේෂයෙන්ම අලුත්විය යුතු යාවත්කාලීන විය යුතු නීති කොටස් බව පාර්ලිමේන්තුවත් ඉන් පිටත සමාජය තුළත් අවබෝධයක් තිබුණු බවද සිහිපත් කළේය.

    බොරැල්ල ආයුර්වේද රෝහල ජාතික රෝහලක් බවට පත්කිරීමට නාමීකරණය සඳහා අනුමැතිය ලබාගත් බවද තෙවනුව ආයුර්වේද පනත තුළින් ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ පවත්නා කමිටු කිහිපය වන වෛද්‍ය සභාව, පර්යේෂණ කාරකසභාව, ආරෝග්‍යශාලා විදයාල පිළිබඳ කමිටු ආදියෙහි නියෝජනය පිළිබඳ රටේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් පැවති දීර්ඝකාලීන ඉල්ලීම සැලකිල්ලට ගනිමින් කටයුතු කළ බවද අවධාරණය කළේය.

    එළඹෙන 08,09,10 දින තුනෙහි මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තම ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන, වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වෙන බවද කියාසිටි රාජ්‍ය අමාත්‍යවරයා මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ඇති විශිෂ්ටත්වය බැලීමට එන ලෙසද ජනතාවට ආරාධනය කළේය.

    මෙහිදී නිෂ්පාදකයෝ තමුන්ගේ විවිධ නිෂ්පාදන සමාජයට ඉදිරිපත් කරන බවද ආයුර්වේද සංස්ථාවත් සාම්ප්‍රදායික නිෂ්පාදන වලින් බැහැරව නව නිෂ්පාදන වලට යොමුවී ඇතැයිද පැවසුවේය.

    ආයුර්වේද ප්‍රදර්ශනය 08,09 සහ 10 යන දින වල පෙරවරු 09 සිට පස්වරු 09 දක්වා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර මෙහි විවිධ සංස්කෘතිකාංග සමග පැවැත්වෙන බවද 09 වෙනිදා පාරම්පරික වෛද්‍යවරුන් වෙනුවෙන් වෙන්කර ඇතැයිද විවිධ දේශන, වැඩමුළු සහ ප්‍රදර්ශනකුටි ඇතුලත්ව මෙම ප්‍රදර්ශනය නොමිලේ පැවැත්වෙන බවද අවධාරණය කළේය.

    මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන මහතා, ශිල්පීය කොමසාරිස් ප්‍රියන්ත හේවාගමගේ යන අය සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya