මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022/23 අධ්‍යන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට අයදුම්පත් යොමු කිරීම සැප්තැම්බර් 14 සිට- අයදුම්පත් කැඳවීම් අන්තර්ජාලය ඔස්සේ

    සැප්තැම්බර් 06, 2023

    2022/23 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට අයදුම්පත් යොමු කිරීම එළඹෙන සැප්තැම්බර් 14 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

    විශ්ව විද්‍යාල ප්‍රවේෂය සඳහා අයදුම්කිරීම සම්බන්ධයෙන් අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.

    විශ්ව විද්‍යාල සඳහා අයදුම්පත් යොමු කිරීම සඳහා සති තුනක කාලයක් ලබා දෙන බවද සභාපතිවරයා සඳහන් කළේය. නව පාඨමාලා කිහිපයක් හඳුන්වා දීමට සහ සිසුන් වැඩි ප්‍රමාණයක් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට මෙවර කටයුතු කර ඇතැයිද කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

     

    2022 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය සැප්තැම්බර් 4වන දා නිකුත් විය. මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් දෙලක්ෂ 63,933දෙනෙකු පෙනී සිටි අතර ඉන් දෙලක්ෂ 32,797 දෙනෙකු පාසැල් අයදුම්කරුවන් වේ.

     

    විභාගයට පෙනී සිටි මුළු අයදුම්කරුවන්ගෙන් එක් ලක්ෂ 66,938 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 63යි දශම 3කි. මෙම වසරේ ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට දරුවන් 45,000ක් තෝරා ගැනීමට කටයුතු යොදා තිබේ. අවම සුදුසුකම් ලැබූ දරුවන්ගේන් 27%ක් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමට සුදුසුකම් ලබා තිබේ.

    විශ්ව විද්‍යාල පද්ධතියට නව පාඨමාලා 12ක් හඳුන්වා දී ඇතැයිද සභාපතිවරයා පෙන්වා දුන්නේය. වෛද්‍ය පීඨය සඳහා 21/22 අධ්‍යයන වර්ෂයේදී බඳවා ගත්තේ සිසුන් 2035 වුවත් මෙවර සිසුන් 2085ක් බඳවා ගැනේ.එනම් වැඩිපුර දරුවන් 615ක් විශ්ව විද්‍යාල පද්ධතියට බඳවා ගැනේ.එමෙන්ම ඉංජිනේරු පීඨ සඳහා ද වැඩිපුරු දරුවන් බඳවා ගැනීමට බලාපොරොත්තු වේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya