මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවිධාන්ත්මක අපරාධ කල්ලී සමාජිකයින් සහ අපරාධ සඳහා සම්බන්ධවන පුද්ගයින් සම්බන්ධ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක්

    සැප්තැම්බර් 06, 2023

    සංවිධාන්ත්මක අපරාධ කල්ලී සමාජිකයින් සහ අපරාධ සඳහා සම්බන්ධවන පුද්ගයින් සම්බන්ධව ඔවුන්ගේ තොරතුරු ඇතුළත් සම්පූර්ණ දත්ත පද්ධතියක් ඉදිරි මාස 03 ඇතුළත සැකසීමට බලාපොරෝත්තු වන බවත් මේ වන විට ඒම දත්ත පද්ධතියේ 75% ක් පමණ අවසන් බවද බස්නාහිර පළාත් භාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල්ස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

    ඒ් මහතා මේ බව පැවසුවේ, ශ්‍රි ලංකාව තුළ සිඳුවන සංවිධානාත්මක අපරාධ මැඩලීම සහ පොලීසියේ කාර්යභාර්ය පිළිබඳ සාකච්ඡාවක් අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීය.

    පසුගිය වසර 10ක කාලයක් තුල අප රටේ සිදු වූ සැම සංවිධානාත්මක අපරාධයක්ම ගිනි අවි හෝ තියුණු ආයුධ භාවිතා කර සිදුවු බව පෙන්වා දුන් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල්ස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය මාස කිහිපය තුළ යලි ඉස්මතුවීමට තැත් කරන සංවිධානාත්මක අපරාධ කල්ලී සහ ඒ් හා සම්බන්ධ මත් ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා කෙටි කාලීනව ගත යුතු ක්‍රියා මාර්ග සහ දීර්ඝ කාලීනව ගතයුතු ක්‍රියා සම්බන්ධව අධ්‍යනය කර ඒ් සම්බන්ධව නිරිදේශ ලබා දීමට කටයුතු කරන බවද කීය.

    තවද, විශාල පිරිසක් අසත්‍ය තොරතුරු ලබා දි ගුවන් බලපත්‍ර සකසා ගන්නා බවත් ඒ් සම්බන්ධව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ලබා ගෙන ඇති බව කී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල්ස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප රටේ පසුගිය වසර 10 තුළ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වූවන් සහ ව්‍යාජ ගුවන් බලපත්‍ර සකසා ගෙන විදේස් ගත වී ඇති පුද්ගයින් සම්බන්ධව ජාත්‍යන්තර පොලීසිය හා සම්බන්ධවී ඔවුන්ගේ සහය ඇතිව ඒ් පිරිස නැවත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු බවද පැවසීය.

    ඉදිරි මාස 06 තුළ පතාල සමාජිකයන් ලෙස හඳුන්වන සංවිනාත්මක අපරාධ කල්ලි සමාජිකයින් පිළිබඳව පොලීසියේ අධික්ෂණය ඉතාම දැඩි තත්ත්වයකට පත් කර විධිමත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව ධීවර බෝටුවලින් හෝ නීතියෙන් බැහැරව වෙනත් ස්ථානවලින් විදේශගත වූ පුද්ගලයින් ද සොයා ඔවුන් සිටින රටවල් වලින් ඔවුන් ගෙන්වා ගන්නා බවද ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල්ස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේය.

    පසුගිය වසර 05 තුළ සංවිධානාත්මක අපරාධ සහ මනුෂ්‍ය ඝාතන සිදුවූ නොවිසිදුනු තත්ත්වයන් ඇති විමර්ෂන යළි ආරම්භ කරන බව කී ඒ් මහතා අදාල පොලිසිවල ස්ථානාධිපතිවරූන් හරහා මාස 03ක් ඇතුළත තමන්ගේ ප්‍රදේශයේ පාතාලය මැඩ පැවැත්වීමට කටයුතු යොදන බවද කීය.

    දැනට ඇති නීතිය තුළ අපරාධකරුවන් ලෙස ක්‍රියාකරන ඇප මත නිදහස් වූ පුද්ගයින් වෙනත් ව්‍යාපාරවල නිරෙතවන බව හඟවමින් අපරාධවලට සම්බන්ධවී කටයුතු කරන බව කී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල්ස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ්ම පුද්ගගයින් පොලිස් අධික්ෂණයට ලක් කර දැනට පවතින නීතිවලට අනුව ගත හැකි ක්‍රියා මාර්ග ඔවුන් සම්බන්ධව ගන්නා බවද පෙන්වා දුන්නේය.

    අපරාධ පර්යේෂණ දේපාර්තමේන්තුවේ නීති විරෝධි වත්තම් අංශයෙන් අපරාධකල්ලි සමාජිකයින් උපයාගත් වත්කම් සම්බන්ධයෙන් විමර්ෂණ ආරම්භ කර ඒම මුදල් රාජ සන්තක කර සෑම අපරාධ කරුවෙක් හට හිමි වත්කම් විමර්ෂන කරන බවත් විදුලි සංදේශ නියාමන කොමිසම සමග සම්බන්ධ වී ජංගම දුරකතන සිම්කාඩ්පත් අවභාවිතා කරමින් කරන අපරාධ අවම කිරීමටද කටයුතු යොදන බවද ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල්ස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

    ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල්ස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩි දුරටත් කියා සිටියේ , ශ්‍රි ලංකා පොලීසිය කුමන ආකාරයේ සංවිධානාත්මක අපරාධකරුවන් වුවද ඔවුන් ලුහුබැඳ ඉතා දක්ෂ ලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව කී ඒ් මහතා තමන්ගේ පවුලේ සාමාජාකයින් දරඅවන් මෙවැනි අපරාධකරුවන් සමඟ සම්බන්ධ වී සිටිනවා නම් ඔවුන්ගේ ජීවිත විනාශ විමට ඉඩ නොදී දෙමාපියන් සහ වැඩිහිටයන් වශයෙන් ඒ් සම්බන්ධව පොලීසිය දැනුම්වත් කර තමුන්ගේ දරුවන් නිවැරදි කිරීමට උත්සහ කරන ලෙසද අපරාධ විමර්ෂන වලට ජනතාවගේ සහය ලබා දීමට කටයුතු කරන ලෙසයි.

    මෙම මාධ්‍ය හමුවට අණදෙන නිලධාරි පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ,අපරාධ පර්යේෂණ දෙපාරතමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා, අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා, අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි රුවන් කුමාර මහතා යන මහත්වරුන්ද ඒක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya