මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලජීවී වගා සංවර්ධන ආයතනයට නව සභාපතිවරයෙක්

    සැප්තැම්බර් 06, 2023

    ධීවර අමාත්‍යාංශයට අයත් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (Naqda) සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය ජයන්ත විජේරත්න මහතා අස්වැසුම සභාපතිවරයා ලෙස පත් කිරීම හේතුකොට ගෙන Naqda ආයතනයේ ඇතිවු පුරප්පාඩුව සදහා අස්වැසුම හි හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය බී.විජේරත්න මහතා නැක්ඩා ආයතනයේ සභාපතිවරයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් පත් කර ඇත.

    පත්වීම් ලිපිය අද (06) ධීවර අමාත්‍යාංශයේදී අමාත්‍ය දේවානන්ද මහතා විසින් නව සභාපති ආචාර්ය බී. විජේරත්න මහතා වෙත ප්‍රදානය කරන ලදි.

    ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya