මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම උදෙසා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා විශාල වෙහෙසක් ගන්නවා

    සැප්තැම්බර් 06, 2023

    මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම උදෙසා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා විශාල වෙහෙසක් ගන්නා බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාවේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

    එම දරන උත්සහාය පිළිබඳව වටිනාකමක් ලබාදිය යුතුයි. විපක්ෂය කියන බාල ඖෂධ භාවිතය නිසා රෝගීන් පීඩාවට පත් වුණා නම්, විපක්ෂය කියන තර්කය බිද වැටෙනවා. සිදුවීම් ලෝකයේ හැමතැනකම සිදු වෙනවා.ඉංග්‍රීසි බෙහෙත් විෂ වෙන වෙලාවල් තියෙනවා.මෙය වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයාගෙ කාරණාවක් නොවේ.
    වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සිය යුතුකම හරියට ඉටුකර තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරියට අවශ්‍ය විද්වතුන් පත් කර තිබෙනවා. ඖෂධ ගෙන ඒමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇමතිවරයා කරනවා නෙමේ.අමාත්‍යවරයා රටේ ජනතවගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශය,නායකත්වය ලබාදෙනව යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya