මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සැමට IT” සති අන්ත අධ්‍යාපනික වැඩසටහනක්

    සැප්තැම්බර් 05, 2023

    ජාතික රූපවාහිනිය මොරටුව විශ්වවිද්‍යාලය සමඟ එක්ව “සැමට IT” අධ්‍යාපනික වැඩසටහනක් සෑම සති අන්තයකම පැවැත්වෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

    ඒ අනුව මෙම අධ්‍යාපනික වැඩසටහන සෑම සතියකම සෙනසුරාදා සහ ඉරිදා සවස 4.30 ට පැවැත්වේ.


    ජාතික රූපවාහිනිය මොරටුව විශ්වවිද්‍යාලය සමඟ එක්ව කිසිඳු ගාස්තු අයකිරීමකින් තොරව මෙම වැඩ සටහන සිදු කෙරේ.


    වෘත්තියාභීමුඛ අධ්‍යාපනය සඳහා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර මෙම වැඩසටහන සමඟ එක්වන්නන්ට විශ්ව විද්‍යාලය මඟින් වටිනා සහතිකයක් ද පිරිනැමේ. මහජන උපයෝගිතා කොමිසම සහ තොරතුරු තාක්ෂණික ආයතන හා එක්ව ජාතික රූපවාහිනිය සිදු කරන වැඩසටහනට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පමණක් නොව ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගී විය හැකි බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya