මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ විප්ලවීය ඉදිරි පියවරක් - විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    සැප්තැම්බර් 05, 2023

    විද්‍යුත් ත්‍රිරෝද රථ ලංකාවේ ලියාපදිංචි කිරීමට මෙතෙක් අනුමැතියක් නොතිබුණු අතර මේ වන විට ලංකාව තුළ විදුලි ත්‍රිරෝද රථ, වාහන මෙරට නිෂ්පාදනය කිරීමට ආරම්භ කර තිබෙන බවත්, එහෙත් එම වාහන ලියාපදිංචි කරවීමට තිබෙන මෝටර් වාහන පනත වෙනස් විය යුතු බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

    ලොව බොහෝ රටවල් පොසිල ඉන්ධන ක්‍රමයෙන් බැහැරව විද්‍යුත් ක්‍රමයට නැඹුරු වීමේ ප්‍රවණතාවයක් තිබෙන බවත්, පරිසර හිතකාමී වෙනත් විකල්ප බලශක්ති කෙරෙහි මාරු වීමේ අවශ්‍යතාවය ද ලොව රටවල් වලට තිබෙන බවත් හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.

    එමනිසා බොහෝ රටවල් නිශ්චිත ක්‍රමයකට 2030 වන විට ප්‍රවාහන පද්ධතිය හැකි තාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පර්යේෂණ සිදු කරනු ලැබේ.

    විද්‍යුත් තිරෝද රථ නිෂ්පාදනයේ දී සහ පෙට්‍රල් හෝ ඩිසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වනු පිණිස පරිවර්තනය කිරීමේ දී ඒ සඳහා විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කරන බැවින් එවැනි ත්‍රිරෝද රථ වල තාර බර කිලෝග්‍රෑම් 500 ක් හා දළ බර කිලෝග්‍රෑම් 1000 ක් නොඉක්මවිය යුතු වේ.

    ඒ අනුව, විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට පවතින බාධාවන් ඉවත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම පිණිස පසුගිය 08 දා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලබා දී තිබිණි. එකී අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලබා ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරුපත් කිරීමටත් මෙසේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව බස්රථ පමණක් නොව ඉදිරියේ දී දුම්රියත් විදුලියෙන් ධාවනය වන දුම්රියක් බවට පරිවර්තනය කිරීමට විශාල උත්සහයක් දරණ බව ද හෙතෙම මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මේ වන විට බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරමින් විදුලි බස් රථ 200 ක් ධාවනය කිරීමට ද අභිලාශ කැඳවා තිබේ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya