මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය නිවේදනය

    සැප්තැම්බර් 05, 2023

     

    මාධ්‍ය නිවේදනය

    කථානායකතුමාගේ නිවේදන

    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “දේශීය ආදායම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව තමා වෙත ලැබී ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

    ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සපයා ඇති කරුණු අනුව, පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාව හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන් කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

    ඒ අනුව, මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ සරල බහුතරයකින් නීත්‍යනුකූල ලෙස සම්මත කළ හැකි ය.

    කමිටු සාමාජිකත්වයේ වෙනස්වීම්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා, ගරු එස්. බී. දිසානායක මහතා සහ ගරු ධම්මික පෙරේරා මහතා, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2023 සැප්තැම්බර් 01 දින තේරීම් කාරක සභාව විසින්


    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු නිමල් ලාන්සා මහතා, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා සහ ගරු මංජුලා දිසානායක මහත්මිය එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බවද කථානායකවරයා නිවේදනය කළේය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2023 සැප්තැම්බර් 01 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සංජීව එදිරිමාන්න මහතා එම කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කොට ඇති බවද කථානායකවරයා නිවේදනය කළේය.

    ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළ හැකි කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය විසින් 2023 ජූලි 18 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බව කථානායකතුමා දන්වා සිටියේය.

    පාර්ලිමේන්තුවේ සභානායක ගරු (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් 2023 අගෝස්තු 25 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවද කථානායකවරයා නිවේදනය කළේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya