මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය මාර්ගෝපදේශනය තුළින් ත්‍රිතීයික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

    සැප්තැම්බර් 05, 2023

     වෘත්තීය මාර්ගෝපදේශනය තුළින් ත්‍රිතීයික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

    අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරනු ලබන ශිෂ්‍යයන්, අපොස උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ වන තෙක් හෝ අපොස උසස් පෙළ විභාගය අවසන් කරන ශිෂ්‍යන් වෘත්තීය අධ්‍යාපනයට යොමු වන තෙක් හෝ අපොස උසස් පෙළ විභාගය අවසන් කරන ශිෂ්‍යයන් වෘත්තීය අධ්‍යාපනයට යොමු වන තෙක් , පාසල් පද්ධතිය තුළ රඳවා ගනිමින් වෘත්තීය අධ්‍යාපනයට අදාළ මූලික ක්ෂේත්‍ර පහක් ආවරණය වන පරිදි විෂය මාලාවක් සම්පූර්ණ කිරීම පිණිස ඔවුන් සඳහා වඅසථාව සලසා දීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර ඇත. වෘත්තීය අධ්‍යාපනය සඳහා පොදුවේ වැදගත් වන තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන වශයෙන්ද ,ඊට සමගාමීව මෘදු කුසලතා වර්ධනය කිරීමද එකී වැඩසටහන මගින් අපේක්ෂා කරනු ලබයි. ප්‍රථමයෙන්, යෝජිත වැඩසටහන නියමු ව්‍්‍යාපෘතියක් වශයෙන් දිවයිනේ සෑම අධ්‍යාපන කෝට්ඨාසයක්ම ආවරණය වන පරිදි තොරා ගත් පාසල් 320ක මාස 3-4 ක කාලසීමාවක් සඳහා ක්‍රියාත්මක කිරීමටත්, ඉන් අනතුරුව නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල මත 2024 වර්ෂයේ සිට ඒම ව්‍යාපෘතිය ජාතික වැඩසටහනක් වශයෙක් ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍තුමා ඉදිරිපත් කළ යෝජනාවට අමත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya