මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන ගුවන් තොටුපළක් රටකට අවශ්‍යයි- අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා

    සැප්තැම්බර් 05, 2023

    ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස ඉදිකළ මත්තල ගුවන් තොටුපළ මගින් සමස්ත ගුවන් සේවාවටම විශාල සේවයක් ඉටු වන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, යම් ආපදාවකදී දෙවන ගුවන් තොටුපළක අවශ්‍යතාවය නිසා මෙම ගුවන් තොටුපළ ඉදිකළ බවයි.

    දෙවන ගුවන් තොටුපළක් රටකට අවශ්‍යයි. මෙම ගුවන් තොටුපළ තිබුන් නැත්නම් රටකට යම් ආපදාවක් සිදු වුණහම කටුනායක ගුවන් තොටුපළේ සිට මදුරාසිය දක්වා ගුවන් යානා නැවත හරවගෙන යාමට සිදු වෙනවා.එවිට එම ගුවන් යානා වලට අමතර තෙල් ප්‍රමාණයක් රැගෙන ඒමට සිදු වෙනවා.ගුවන්යානා මෙරටට එද්දි සැම විටම මේ සම්බන්ධයෙන් අහනවා. දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ළග තියෙනවද කියලා.මත්තලට යන්නේ විනාඩි 15 යි.මේ තුළින් විශාල වාසියක් සමස්ථ ගුවන් සේවයටම ලැබිලා තිබෙනවා.කටුනායක බස්සන්න බැරිවුන ගුවන් යානා කිහිපයක් මත්තල බස්සල තිබෙනවා. අයහපත් කාළගුණය වැනි විවිධ හේතු නිසා. එම නිසා මෙහි අගය රුපියල් සත වලට පමණක් ලගු කරන්න බැහැ.

    මත්තල ගුවන් තොටුපළේ වසරක පාඩුව රුපියල් බිලියනයක් පමණ වන බවද හෙතෙම සඳහන් කළේය.මත්තල ගුවන්තොටුපළ වෙනත් කර්මාන්ත වලට යොමු කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙනවා. එවිට මෙම පාඩුව අවම කර ගත හැකි වනු ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya