මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පොල් ත්‍රිකෝණය අරඹයි

    සැප්තැම්බර් 05, 2023

    අපේ රටේ පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට අලුත් ජවයක් ලබාදෙමින් , ඉතිහාසය තුළ නව පිටුවක් සනිටුහන් කරමින් ' උතුරු පොල් ත්‍රිකෝණය ' නමින් (03) දින කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය , මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පලෙයිහිදී ආරම්භ විණි.

    එයට සමගාමීව පොල් සංවර්ධන අධිකාරියේ නවීකරණය කරන ලද යාපනය දිස්ත්‍රික් කාර්යාලය සහ අභිනවයෙන් ස්ථාපිත කරන පොල් පර්යේෂණ ආයතනයේ ශාඛා කාර්යාලයද විවෘත කිරීමට ද අමාත්‍යවරයා එක්විණි.

    ' උතුරට කප්රුක - උතුරු පොල් ත්‍රිකෝණය ' තේමාවෙන් ආරම්භ කරන ලද උතුරු පොල් ත්‍රිකෝණය තුළින් ඉදිරි වසර 5 ක කාලය තුළ මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවීම වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ඉලක්කය වෙයි. එම ඉලක්කයන් සපුරා ගැනීමේදී අභිනව පොල් පර්යේෂණ ආයතනයේ ශාඛා කාර්යාලය මගින් උතුරු පළාතේ පොල්වගා කර්මාන්තය වෙනුවෙන් ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කිරිම මෙහි අරමුණ වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya