මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද සිට 8 දක්වා රැස්වේ

    සැප්තැම්බර් 05, 2023

    සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබද විවාදය සදහා ලබන 6,7 සහ 8 තෙදින වෙන් කෙරේ - ඡන්ද විමසීම 8 වැනිදා ප.ව 5.30 ට

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන 6,7 සහ 8 තෙදින විවාදයට ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

    පාර්ලිමේන්තුව අද සිට 8 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත අතර එම සෑම දිනකම පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

    සැප්තැම්බර් 5 වැනි අගහරුවාදා ( අද) පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

    අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත, සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුවේ. ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබද විවාදය පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් 6 වැනි බදාදා පෙ.ව 10.30 ට විදේශ විනිමය පනත යටතේ අංක 2338/40 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ පළ කළ නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2341/38 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ පළ කළ රෙගුලාසි විවාදයකින් තොරව අනුමත කර ගැනීමට මෙහිදී එකඟත්වය පළවී ඇත.

    අනතුරුව ප.ව 5.30 දක්වා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතය. සැප්තැම්බර් 7 බ්‍රහස්පතින්දා සහ 8 සිකුරාදා පෙ.ව 10.30 සිට ප.ව 5.30
    දක්වා මෙම විවාදය දෙවැනි සහ තෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වූ බව මහලේකම්වරිය පැවසුවාය. එසේම 8 වැනිදා ප.ව 5.30 පමණ යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවත්වීමට ද නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya