මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි - කිසිදු අවදානමක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය

    සැප්තැම්බර් 05, 2023

    මෙරට රෝහල් පද්ධතිය තුළ අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඒ සඳහා කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    ඒ අනුව ලබන නොවැම්බර් මාසය දක්වා අවශ්‍ය අක්ෂි කාච වෛද්‍ය සැපයීම් අංශය මගින් මෙරට රෝහල් සඳහා බෙදා හැර ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පැවසීය.

    එම තත්ත්වය තුළ අක්ෂි කාච වල හිඟයක් මෙරට රෝහල් පද්ධතිය තුළ නොමැති බවත් අවශ්‍ය සැත්කම් සාමාන්‍ය පරිදි මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඒ මහතා පෙන්වා දෙයි.  සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අධ්‍යක්ෂවරයා,

    “පසුගිය මැයි මාසයේ වෛද්‍ය සැපයීම් අංශය මගින් මාස 6 ක අවශ්‍යතාවය සඳහා අවශ්‍ය අක්ෂි කාච රෝහල් වෙත බෙදාහැරි බවද සදහන් කලේය. දිවයින පුරා රෝහල් වල මාසයකට 10,000 ක පමණ කැට්රැක්ස් ශල්‍යකර්ම (cataracts surgery) සිදු කරන බවත්, වාර්ෂික අවශ්‍යතාවය ලක්ෂයක් වන බවත් හෙතෙම පැවසීය.

    අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් සිටින සියලු මූලික රෝහල්වල සිට ප්‍රධාන රෝහල් දක්වා මැයි මාසයේදි මාස 06ක පමණ අවශ්‍යතාවය වෛද්‍ය සැපයුම් අංශය වෙත ලබාගෙන, වෛද්‍ය සැපයුම් අංශය මගින් එම රෝහල්වලට බෙදා හැර ඇත. දැනටමත් නොවැම්බර් මාසය දක්වා මෙම රෝහල් වල අක්ෂිකාච ප්‍රමාණවත්ව තිබෙන බවත්, ඉදිරි මාස දෙකකට අවශ්‍ය ප්‍රමාණය වෛද්‍ය සැපයුම් අංශය සතුව තිබෙන බවත් පැවසීය. ආසියානු සංවර්ධන බැංකුව හරහා මාස හයක අවශ්‍යතාවය දැනමත්ට ලැබී ඇති බවත් ඒවා රෝහල් වෙත දැනටමත් බෙදා හැර ඇති බවත් පැවසීය.

    අක්ෂි කාච විශාල පරාසයක තිබෙන බවත් ශ්‍රී ලංකාව තුළ දැනට ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ 18.5 සිට 26 දක්වා පරාසයක කාච බවත් එම ප්‍රමාණයන්ගෙන් අක්ෂි කාච දැනට ඕනෑම රෝහලක ඇති බවත් කුමන හෝ රෝහලක අඩු පාඩුවක් සිදුවී තිබේ නම් වෛද්‍ය සැපයුම් අංශය මගින් ලබාගත හැකි බවත් පැවැසීය. ඒ අනුව දැනට අක්ෂි කාච හිඟයක් හේතුවෙන් කිසිදු රෝහලක අක්ෂි කාච සැත්කම් නැවතී නොමැති බව ඒ මහතා අවධාරණය කළේය.

    මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක මහතා ,

    වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය අක්ෂිකාච මිලදී ගෙන සැපයීමේ වගකීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පැවරී තිබෙන බවද පවතින තොග වලට අමතරව ඉදිරි අවශ්‍යතා සදහා ඇනවුම් දෙකක් මේ වන විටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සැපයුම්කරුවන්ට නිකුත් කර තිබෙන බවද කීය. විවිධ අක්ෂි කාච වර්ග 11 ක් සදහා මිල ගණන් කැදවා ඒ කැදවු මිල ගණන් තාක්ෂණික ඇගයීම් වලට ලක්කර අද (04 ) දිනයේ දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන බවද පැවසීය. දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව විසින් අවශ්‍ය තීරණ ගත් පසු එම අයිතම සදහා ඇනවුම් ලබා දීමේ හැකියාව පවතින බවද ඒ මහතා පැවසීය. තවත් අයිතම දෙකක් අමාත්‍ය මණ්ඩලය පත් කල ප්‍රසම්පාදන කමිටුව හමුවට යොමු කල බවද සියලු ප්‍රසම්පාදන මුලික කටයුතු හා තාක්ෂණික ඇගයීම් කටයුතු අවසන් කර සැප්තැම්බර් 6 දින රැස්වන ඉදිරි ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කරන බවද හෙතෙම කීය. එ් සම්බන්ධව තීන්දු තීරණ ලැබුණු පසු ඇනවුම් කිරීමේ හැකියාව පවතින බවත් දැනට පවතින තොග තත්වයන් යටතේත්, ඉදිරියට ලැබීමට පෙලගැසී තිබෙන තොග අනුවත් අක්ෂි කාච වල හිගයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නැතිබව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    .

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya