මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයට

    සැප්තැම්බර් 04, 2023

    ලෝක වෙළඳපොලේ ගෑස් මිල ගිය මාසයට සාපේක්ෂව මෙම මස ඩොලර් 100 කින් වැඩි වී තිබීමත් සමඟ අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (04) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

    ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145.00 කින් පමණක් මිල වැඩි කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3,127.00 කි. මේ අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58.00 කින් පමණක් මිල වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 1,256.00කි.

    එමෙන්ම කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 26.00 කින් පමණක් මිල වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 587.00කි. රාජ්‍ය ආයතනයක් ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම තිබීම තුළ ලෝක වෙළඳපොලේ ගෑස් මිල කුමන ආකාරයට වැඩිවුවත් ඊට අනුරුපිව මිල වැඩි නොකර ලාංකීය ජනතාවට සුවදායී ලෙස ගෑස් මිල පවත්වාගැනීමට ලිට්‍රෝ ගෑස් සමාගමට හැකිව තිබෙන බව මුදිත පීරිස් මහතා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මාස පහකට පසු ගෑස් මිල පස් වතාවක් අඩු කළ පසු පලමුවතාවට මෙම ගෑස් මිල මෙසේ රුපියල් 145.00 කින් වැඩි කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya