මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔබට ගෙයක් - රටට හෙටක් නිවාස වැඩසටහන- අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 51කට රුපියල් මිලියන 18.25 ක නිවාස ණය

    සැප්තැම්බර් 04, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි දෙස් - විදෙස් සංචාරක ආකර්ෂණයට නතුවන අකාරයට නැගෙනහිර පළාත සංවර්ධනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව
    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    එමෙන්ම රජය ඉතා ශක්තිමත්ව අදාළ ඉලක්ක කරා ගමන්කරමින් සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ පසුගියදා (1) වැනිදා පැවති “ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාසලාභීන්ට
    සින්නක්කර ඔප්පු හා නිවාස ණය බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙම වැඩසටහන සංවිධානය කරතිබූණි.


    එහිදී ඔබට ගෙයක් - රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 51 දෙනෙකුට රුපියල් මිලියන 18.25 ක් වටිනා නිවාස ණය ප්‍රදානය කිරීම සහ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස යෝජනා ක්‍රම 15ක් ආවරණයවන පරිදි ප්‍රතිලාභීන් 110 දෙනෙකුට සින්නක්කර හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    එහිදී අමාත්‍යවරය මෙසේද පැවසීය.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එදා ආරම්භ කලේ සැමට නිවසක් ලබා දීම අරමුණු කර ගනිමින්. මෙම ආයතනය හරහා විශාල වැඩපිළිවෙලක් රට පුරා ක්‍රියාත්මක වුණා. අවාසනාවකට කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය පැමිණියා. ඒ නිසා බලාපොරොත්තු වුනු ඉලක්ක වෙත යන්න බැරි වුණා. පවතින සීමිත සම්පත් යොදාගෙන ජනතාවට උපරිම සේවයක් කරන්න අද මෙම ආයතනය සමත් වෙලා තිබෙනවා.

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේවන විට නැගෙනහිර පළාත සංවර්ධනය කිරීමේ කටයුතු අපි ආරම්භ කර තිබෙනවා. ඒ සදහා එතුමා මේ පළාතට පැමිණ පෞද්ගලිකවම සොයා බලා නගර සංවර්ධනය කිරීම පිළිබදව අපිට උපදෙස් ලබා දුන්නා. නාගරික සංවර්ධන අධිකාරියට මම උපදෙස් දුන්නේ නගර සංවර්ධන සැලසුම් සකස් කරන විට ජාතික වැඩපිළිවෙල සමග එය සිදු වෙන්න අවශ්‍යයි කියලයි. නැගෙනහිර පළාත විදෙස් ආකර්ශනය ඇතිවන ලෙස සංවර්ධනය කරන්න අවශ්‍ය පසුබිම මේවනවිට සකස් කරමින් සිටිනවා. ඒ වගේම රජයේ ඉඩම්වල ජීවත් වන සියලුම දෙනාට ඉඩම් බලපත්‍ර ලබා දෙන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. අපි ඒ සදහා අවශ්‍ය කටයුතුත් මේවනවිට සිදු කරමින් සිටිනවා. අද රජය ශක්තිමත්ව එම කටයුතු සිදු කරමින් පවතිනවා. අදාල ඉලක්ක කරා අපි ගමන් කරනවා.

    නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ මහතා;

    2020 වසරේදී මෙම ආයතනය විසින් රටේ ග්‍රාමසේවා වසම් 14,022 ම ආවරණය වන ලෙස අඩු ආදායම්ලාභී පවුල් සදහා නිවාස ඉදිකර දීම ආරම්භ කළා. නමුත් කොවිඩ් සහ දේශපාලන අර්බුද සමග එම කටයුතු මදක් අඩාල වුණා. අපි එම කටයුතු මේවන විට නැවත ආරම්භ කර තිබෙනවා. එම ව්‍යාපෘතිය ඉතා සාර්ථකව සිදු වෙමින් තිබෙනවා. අපේ ඊළග ඉලක්කය වන්නේ දිස්ත්‍රික් මට්ටමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා රටේ ජනතාවගේ ප්‍රශ්න විසදීමට කටයුතු කිරීමයි. නිවාස ආධාර වගේම ඉඩම් හිමිකම් පත්‍ර ලබා දෙන්නත් අපි ඉදිරි කාලය තුළ කටයුතු කරනවා.

     

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා;


    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රටට විශාල කාර්යභාරයක් සිදු කළ ආයතනයක්. හිසට සෙවණක් ලබා දීමේ වැඩපිළිවෙල සිදු කරනු ලබන්නේ අප ආයතනය විසින්. ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ සිට මේ දක්වා පැමිණි ගමන තුළ විශාල පිරිසකට සෙත සැලසු ආයතනයක් මෙය. නමුත් ඔබ දන්නවා, 2020 වසරේදී රටතුළ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයක් ඇතිවුණා. ඒ සමග භාණ්ඩාගාරය හිස්වුණා. දෛනික ජන ජීවිතය අවුල් වුණා. රාජ්‍ය ආදායම පහළ ගියා. ඒ තුළින් අයවැයෙන් අමාත්‍යංශවලට වෙන්වන මුදල් අඩු වුණා. නිවාස
    අමාත්‍යංශය යුධ සමයේදීත් වැඩ කළා. එදා රටේ ප්‍රමුඛතාවය වුනේ යුද්ධයට මුදල් වෙන් කිරීම. ආරක්ෂක අමාත්‍යංශයට ඉහළින් මුදල් වෙන් වන විට අධ්‍යාපන, සෞඛය, මහමාර්ග වලට පසුව නිවාස විෂයට මුදල් වෙන්වුණා.

    ප්‍රසන්න රණතුංග මැතිතුමා නිවාස ඇමතිවරයා ලෙස වැඩ භාර ගැනීමත් සමග අපි මේ ආයතනය භාරගත්තේ රාජ්‍ය ආදායම පහළ ගිහින් භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොවන අවස්ථාවකයි.
    ඇමතිතුමා ඒ අභියෝගය භාර ගත්තා. අපිට එතුමා උපදෙස් දුන්නේ තිබෙන ආදායම කළමණාකරණය කරගනිමින් ආයතනය ගොඩ නගා රටේ මිනිසුන්ට සේවයක් කරන ලෙසයි. අපි මේ ආයතනය භාර ගන්න විට මෙහි ආදායම පඩි ගෙවන්නත් මදි වුණා. නිවාස ණය දෙන්න පුළුවන් තත්වයක නෙමෙයි හිටියේ. ඇමතිතුමා ලබා දුන් නිවැරදි නායකත්වය නිසා අපි එම අභියෝගය ජයගත්තා. අපි බිලියන 10 කට වඩා නිවාස ණය දීලා තියෙනවා. ඉන් බිලියන 5 ක් පමණ නැවත අයනොවන මට්ටමකයි තිබෙන්නේ. එම මුදල සැලැස්මක් අනුව අයකර ගැනීමේ වැඩපිළිවෙලක් පටන් ගත්තා. මසකට රුපියල් මිලියන 150 ක පැවති ණය අයකරගැනීමේ ආදායම අද අපි මිලියන 400 ක් පමණ දක්වා ගෙනත් තිබෙනවා. අද අපි නිවාස ණය සහ ආධාර නැවත දෙන්න පටන් අරගෙන තිබෙනවා. අපි රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් වෙලා නැහැ.

    අලුත් ඇමතිවරයෙක් පත්වුණාට පසුව සාමාන්‍යයෙන් සිදු වෙන්නේ පරණ වැඩ නතර කරලා අලුත් වැඩසටහන් පටන් ගන්න එකයි. නමුත් අලුත් වැඩසටහන් පටන් ගන්න එපා කියලා ඇමතිතුමා අපිට එදා උපදෙස් දුන්නා. පක්ෂ, පාට, දේශපාලනය බලන්න එපා කිවුවා. මීට පෙර පටන් ගත්ත සියලු වැඩවල ඉතිරි වාරික ජනතාවට ලබා දෙන්න කිවුවා. ඒ අනුව අපි ඊට අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් සිටිනවා. අද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රට පුරා නිවාස ණය සහ ආධාර ලබා දෙමින් සිටිනවා.

    අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමලවීර දිසානායක, ඩබ්ලිව්. ඩි .වීරසිංහ, ඒ. එල්. එම් අතාවුල්ලා, එස් .එම් .එස් මුෂාරෆ් මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya