මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ මැණික් රටින් බැහැර කිරීම පිළිබඳ නිවැරදි ආරංචි ලබා දෙන අයට ත්‍යාග මුදලක්

    සැප්තැම්බර් 03, 2023

    නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ මැණික් රටින් බැහැර කිරීම පිළිබඳ නිවැරදි ආරංචි ලබා දෙන අය සඳහා ත්‍යාග මුදලක් ලබාදීමට ද එසේ බැහැර කරන මැණික් රාජසන්තක කිරීමට ද තීරණය කර ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    ඔහු ඒ බව සඳහන් කළේ, මැණික් හා ස්වර්ණාභරණ අපනයනයන්නේ ප්‍රගතිය හා නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ රටින් පිටවන මැණික් පිළිබඳ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සිදු කරන ලද මැණික් හා දියමන්ති ප්‍රතිඅපනයනය 2022 අගෝසතු 31ට සාපේක්ෂව 2023 වන විට 29.25%කින් වර්ධනය වී ඇත. මහබැංකු වාර්තා අනුව 33% වර්ධන වේගයක් 2023දී ලඟා කරගෙන ඇති අතර ඩොලර් මිලියන 331ක මැණික් ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයනය කර ඇත. නමුත් වසරක් ඇතුළත ඩොලර් බිලියනයකට වඩා අපනයනය කල හැකි වුවත් නීත්‍යානුකූල නොවන මාර්ග වලින් සිදුවන මැණික්, ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනය හේතුවෙන් එම ඉලක්කයට ලඟා වීමට අපහසු වී ඇති බව හෙතෙම පවසයි.

    එසේම මැණික් නිත්‍යානුකූල නොවන මාර්ග හරහා රටින් පිටකරන බව දිගින් දිගටම වාර්තා වේ. පසුගිය 30වන දින මිලියන 291ක වටිනාකමින් යුත් විවිධ්‍ වර්ගයේ ඔප දැමූ මැණික් රටින් පිට කිරීමට උත්සහ කළ කාන්තාවක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.

    මේ පිළිබඳ වැඩි දුර විමර්ශන ශ්‍රී ලංකා රේගුව මධ්‍යම විමර්ශන අංශයෙන් සිදුකරමින් පවතී. මැණික් ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනය කිරීම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අංශය හරහා සිදුකල
    යුතු අතර නීත්‍යානුකූල නොවන මාර්ග වලින් රටින් බැහැර කරන මැණික් මඟින් රටට ලැබිය යුතු විදේශ විනිමය අහිමි කරයි.

    නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ රටින් බැහැර කරන මැණික් අවම කර මැණික් අපනයන ආදායම වර්ධනය කර ගැනීමටත් ඒ තුළින් රටට ලැබිය යුතු විදේශ විනිමය ලබා ගැනීමත් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

    මෙම මාධ්‍ය සාකච්ජාව සඳහා ශ්‍රී ලංකා රේගුව මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ද සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya