මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර හා මාතලේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවන්නන් ගේ ධාරිතා සංවර්ධනයට ක්‍රියාකාරී සැලැස්මක් එළිදකී

    සැප්තැම්බර් 03, 2023

    අනුරාධපුර හා මාතලේ දිස්ත්‍රික්ක කේන්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන සංචාරක ක්ෂේත්‍රයේ හා ඒ ආශ්‍රිත අංශයන් හි ධාරිතා සංවර්ධනය සඳහා වන සිව්වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ වැඩසටහන  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයී ය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණියේ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් Paul Steplens මහතා යි.

    අනුරාධපුර හා මාතලේ දිස්ත්‍රික්කයන් හි සංචාරක ක්ෂේත්‍රයට අදාලව නිපුණතා සංවර්ධනය කිරීමේ අරමුණින් අන්තර්කරණිය වර්ධනයක් උදෙසා වන නිපුණතා සංවර්ධනය නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

    සංචාරක ක්ෂේත්‍රය හා ඒ ආශ්‍රිත අංශයන් හි විවිධ ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයින්ගේ ධාරිතා සංවර්ධනයක් ඇතිකර ඒ තුලින් සංචාරක කර්මාන්තය තිරසර ලෙස ප්‍රවර්ධනය කිරීම මෙහි දී සිදුකරයි.

    අන්තර්ජාලය ආශ්‍රිතව භාණ්ඩ අලෙවිකරණය පිළිබඳ පුහුණු කර්මාන්ත සංසද පිහිටුවීම,ස්වයං රැකියා,ව්‍යවසායක ආදී පිරිස් පුහුණු කිරීම යනාදී කාර්යයන් මෙම ව්‍යාපෘතිය මගින් දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතී.ඒ ඔස්සේ ඡාත්‍යන්තරය ජයගත් ව්‍යවසායක පිරිස් ද අද පැවැති වැඩසටහනට පැමිණ සිටියහ.

    සංචාරක ක්ෂේත්‍රයට දායකත්වය ලබාගැනීම සඳහා ව්‍යවසායකයින් ඇතුළු සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත විවිධ කටයුතුවල නිරතවන පිරිස් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීම ද ව්‍යාපෘතිය යටතේ අඛණ්ඩව සිදුවෙමින් පවතී.

    එලෙස සංචාරක සංවර්ධනය ඉලක්ක කරගෙන ධාරිතා සංවර්ධනය කිරීම සඳහා පුහුණුව ලැබූ රාජ්‍ය නිලධාරීන් පිරිසකට සහතික පත් ප්‍රධානය ද අද පැවැති වැඩසටහනේ දී සිදුකෙරිණි.

    මෙහිදී සභාව ඇමතූ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වරයා සඳහන් කළේ,ධාරිතා සංවර්ධනය තුලින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා සිය රටේ දායකත්වය හැකි උපරිමයෙන් ලබාදෙන බවයි.අන්තර්කරණිය වර්ධනයක් උදෙසා වන ධාරිතා සංවර්ධන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වීම පිළිබඳව ද මහ කොමසාරිස් වරයා ව්‍යාපෘතියේ සියලු නිලධාරීන් වෙත සිය ප්‍රශංසාව පුද කළේ ය.

     

    පිළිගැනීම හා අරමුණ පැහැදිලි කළ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා කියා සිටියේ කුසලතාවයන්ගෙන් පිරිපුන් පිරිසක් සෑම ක්ෂේත්‍රයක් තුලම ගොඩනගා ගැනීමෙන් එම ක්ෂේත්‍ර ඉහළ ප්‍රවර්ධනයක් කරා ගෙන යා හැකි බවයි. දියත් කෙරුණු ක්‍රියාකාරී සැලැස්ම ඔස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි සංචාරක කර්මාන්තය වඩාත් අාකර්ශනීය මට්ටමකට ගෙන ඒමට හැකිවනු ඇතැයි ද ඒ මහතා අවධාරණය කළේ ය.


    ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම වැඩසටහනින් පසුව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ඇතුළු කණ්ඩායම නයිටා ආයතනය තුල S4IG ව්‍යාපෘතිය මගින්
    ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් නිරීක්ෂණයට එක්වූහ.

    මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් Paul Zeecola,අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ශ්‍යාමිලා වික්‍රමාරච්චි,මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් එෆ්.ආර්.එම්.රියල්දි,NAITA ආයතනයේ උප සභාපති එස්.එච්.හරිස්චන්ද්‍ර,උතුරු මැද පලාත් සංචාරක සැලසුම් අධ්‍යක්ෂ දිල්රුක් රත්නායක,අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද ,S4IG ව්‍යාපෘතියේ නිලධාරීන්,තවත් රාජ්‍ය නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ.

     DMU/Anuradapura

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya