මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2023 හෝමියෝපති වෛද්‍ය සමුළුව අද

    සැප්තැම්බර් 01, 2023

    හෝමියෝපති වි‍ශේෂිත වෛද්‍ය ක්‍රමය උදෙසා හෝමියෝපති වෛද්‍ය සභාවක් පිහිටුවා ඇති අතර එහි 2023 හෝමියෝපති වෛද්‍ය සමුළුව අද (01) දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත ඉන්ද්‍රා හෝටලයේදී රුස්වෙයි.

    අතුරු ආබාධ වලින් තොර වෛද්‍ය ක්‍රමයක් ලෙස ලොව ඉහළ ප්ළ්ගැනීමක් සහිත හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මෙරට ප්‍රචලිත කිරීම උදෙසා දේශීය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත එම අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්ත පුළුල් වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත.

    ආතරයිටීස්, ඇදුම, පීනස, පොතුකබර, වකුගඩු රෝග ඇතුළු රෝග රුසක් සඳහා සාර්ථක ප්‍රතිකාර සහිත මෙම වෛද්‍ය ක්‍රමය උදෙසා දීපව්‍යාප්ත මට්ටමෙන් හෝමියෝපති වෛද්‍ය සායන මධ්‍යස්ථාන පිහිටුවීම මේ වන විට සිදුකෙරෙමින් පවතී.

    මේ වන විට එලෙස පිහිටුවා ඇති ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් දෛනිකව රෝගීන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර ගැනීම සිදුකරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya