මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය විදුලි සීනු සහ සංඥා පද්ධතිය සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පැහැදිළි කිරීමක්

    අගෝස්තු 31, 2023

    පසුගිය දිනෙක සතිපතා පුවත්පතක දුම්රිය විදුලි සීනු සහ සංඥා පද්ධතිය සම්බන්ධව පළවූ පුවතෙහි මේ වන විට සත්‍යතාවයක් නොමැති බවත්, එම පුවත්පත පළ කරන ආකාරයට 2023 වසරේ දී එවන් සිදු වීමක් සිදුව නොමැති බවත්, 2022 වසරේ අගෝස්තු මස කරන ලද විගණන වාර්තා එම පුවතට පාදක කරමින් කරන ලද්දක් බවත් අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී.එස්. පොල්වත්තගේ මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (31) ජනමාධ්‍ය අමත්‍යංශ ශ්‍රවණාගාරයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ඒ අනුව, 2022 දත්ත පාදක කරගනිමින් වර්තමානයේ පුවත් පළ කිරීම තුළින් මෙරට බොහෝ ජනතාව පොදු මඟී ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිතා කරන දුම්රිය සම්බන්ධව අවිස්වාසය ඇති කරවීමට සමත් වන බවත්, මහාමාර්ග පරිහරණය කරන්නන්ගේ ඇතැම් ක්‍රියාකරකම් හේතුවෙන් ඇති වන බාධාවන් නිසා දුම්රිය හරස් මාර්ග වල සිදුවන ප්‍රමාද හේතුවෙන් මුළුමහත් රටේ ආර්ථික ක්‍රියාවලියටම මිනිස් පැය ගණනාවක් අහිමි වී යන බවත්, කෙසේවුවද, ජනතාවට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන සේවාව උපරිම ආකාරයෙන් ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම මෙහි දී පැවසීය.

    Covid-19 වසංගතය පහව යාමත් සමඟ මෙරට පැනනැඟුණු ආර්ථික අර්බුදය හමුවේ 2022 වසරේ අගෝස්තු ශ්‍රී ලංකාවට ඉතාම අසීරු කාලයක් පැවතිණි. එවන් සමයක දුම්රියට පමණක් නොව වෙනත් ක්ෂේත්‍ර වලට පවා ඒ ඒ ක්ෂේත්‍ර පවත්වාගැනීමට අවශ්‍ය අමතර උපාංග මිලදී ගැනීමට පමණක් නොව මිල කැඳවීම් පවා සිදු කළ නොහැකි කාල වකවානුවක් බවට පවත්ව තිබු බව අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පැවසූ අතර විගණන
    වාර්තා වලට ද එම කරුණු පාදක වන්නට ඇති බව ද දුම්රිය ඉංජිනේරු චින්තක ජයසේකර මහතා ද මෙහි දී මාධ්‍ය
    වෙත අදහස් දැක්වීය.

    එමෙන්ම, මෙම කාල වකවානුව තුළ පැය 11ත් 13ත් අතර කාලයක විදුලි කප්පාදුවක් ද පැවතිනි. ඒ හේතුවෙන් බැටරි ආරෝපිත දුම්රිය හරස් මාර්ග පද්ධති වලට යම් යම් බාධා එල්ල වීම් ද සිදු විය. නමුත් මේවන විට දිවයින පුරා දුම්රිය හරස් මාර්ග 738 ක් ආවරණය කර තිබෙන අතර ඉතිරි පද්ධතීන් ද මේ වසරේ මුදල් ප්‍රතිපාදන ලැබෙන ආකාරයට ඉතිරි දුම්රිය හරස් මාර්ග වලට අවශ්‍ය සංඥා පද්ධතීන් සකස් කිරීම් කටයුතු ද සිදු කරන බවත්, හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.

    ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට අනුව සම්මත ප්‍රමිතීන්ට අනුව දුම්රිය හරස් මාර්ග සකස් කිරීමට කටයුතු කර තිබෙන බවත් ඒ සමඟම දුම්රිය හරස් මාර්ග භාවිතා කරන්නන්ට කෙසේ දුම්රිය හරස් මාර්ගය භාවිතා කළ යුතු ද යන්න පිළිබඳව පිළිපැදිය යුතු නීතිරීති සමුදායක් අනුගමනය කිරීමට තිබෙන බවින් එකී නීතිරීති අනුගමන කරමින් නීතිගරුකව සැලකිලෙන් යුතුව දුම්රිය හරස් මාර්ගය භාවිතා කරන ලෙස භාවිතා කරන පොල්වත්තගේ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya