මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතිකව තහනම් කළ පළිබෝධනාශක ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සම්බන්ධව කෘෂි ඇමති වාර්තාවක් ඉල්ලයි

    අගෝස්තු 28, 2023

    අන්තර්ජාතිකව තහනම් කළ පළිබෝධනාශක ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සම්බන්ධව තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වයාට උපදෙස් ලබා දී ඇත.

    පරිසර යුක්ති කේන්ද්‍රය පසුගියදා අන්තර්ජාතික තහනම් කරන ලද කෘමිනාශක හා වල්නාශක ඇතුළත් පළිබෝධනාශක වර්ග 40ක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන බවට අනාවරණය කර තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශය මේ සම්බන්ධව කළ විමසීමක දී පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අන්තර්ජාතික තහනම් කර ඇති පළිබෝධ නාශක මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබා දී නැති බවත්, පරිසර යුක්ති කේන්ද්‍රය පවසන පරිදි අදාල වාර්තාව ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව තමන්ට සොයා බැලීමක් කළ හැකි බව ද හෙතෙම අවධාරණය කළේය.


    රජය තහනම් කර තිබෙන පළිබෝධනාශක රට තුළ අලෙවි කිරීම, බෙදාහැරීම හෝ භාවිතා කිරීම තහනම් බවත් කිසියම් පුද්ගලයෙක් එය උල්ලංඝනය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ලේකම් කාර්යාලයට බලය පවරා තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya