මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සේවාව හා ඖෂධ යනු ජනතාවගේ ජීවිත හා ප්‍රමුඛව බද්ධ වූ ක්ෂේත්‍රයක්- සෞඛ්‍ය අමාත්‍ය

    අගෝස්තු 27, 2023

    සෞඛ්‍ය සේවාව හා ඖෂධ යනු ජනතාවගේ ජීවිත හා ප්‍රමුඛව බද්ධ වූ ක්ෂේත්‍රයක් බැවින් ඒ තුළ විකල්ප නොමැති බවත් එනිසා එම ක්ෂේත්‍රයන්වල කටයුතු කිරීමේ දී මනා සම්බන්ධීකරණය හා කළමනාකරණය ප්‍රමුඛව බලපාන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඖෂධ නිෂ්පාදනය, නියාමනය, සැපයීම, බෙදාහැරීම හා සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු ආයතනයන්හි ප්‍රධානීන් සමඟ එම අමාත්‍යංශයේදී (23) පැවති සාකච්ඡාවකදි සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

    සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්‍රයේ සිදු කරන සෑම ක්‍රියාවලියක් තුළම අඛණ්ඩ අධීක්ෂණය සහ පසු විපරම වඩාත් වැදගත් වන බවත් ඒ හරහා එහි සැපයුම් ජාලය අඛණ්ඩව පත්වාගෙන යාමට හැකි වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මේ සඳහා වෛද්‍ය සැපයුම් අංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව,රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ආසියානු සංවර්ධන බැංකුව ආදී සියලු ආයතනයන්හි අදාළ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    සිල්ලර දේශපාලනය හා දැඩි කැපවීමෙන් මහන්සියෙන් වැඩ කිරීම අතර දැඩි වෙනසක් පවතින්නේයැයිද බවත් එනිසා සෑම ආයතනයක්ම තම වගකීම නිසි අයුරින් ඉටු කරමින් සිදු කරන දැඩි කැපවීම කුමන බාධක හමුවේ වුවද ප්‍රතිඵල ගෙන දෙන්නක්යැයිද එහි ප්‍රතිඵල රටෙහි සියලු ජනතාවට හිමිවන්නේ යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය.

    මේ වන විට ඖෂධ ක්ෂේත්‍රයේ මූල්‍ය ගැටලු බොහෝ දුරට විසඳී අවසන් බවත්, අයවැයෙන් අනුමත මුදලට වඩා රුපියල් බිලියන 65 ක් ද ලබා දීමට කටයුතු කර ඇති බවත් භාණ්ඩාගාරය සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන බවත් එම නිසා අදාළ ආයතනයන්හි ප්‍රමුඛ කාර්යය මේ තුළ වඩ වඩාත් ප්‍රමුඛත්වයෙන් සිතා කටයුතු කිරීම බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේදී සැවොම වගකීමෙන් කටයුතු කළයුතු බවද එහිදී අවදානමක් ගැනීමට සිදුවන බවත් එහෙත් එහි ප්‍රමුඛ අරමුණ ඉටු කිරීමේදී කුමන අභියෝග, අවදානම් පැමිණියද ඒ තුළ සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකි බවත් හෙතෙම කීය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,අතිරේක ලේකම් වරුන් වන වෛද්‍ය සමන් රත්නායක, වයි.එල්.එම්. නවාවි, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය යූ.ඒ. මෙන්ඩිස්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න, ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( වෛද්‍ය සැපයුම් අංශය) වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත් ඇතුළු සියලු ආයතන ප්‍රධානීන් ද ඖෂධවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. ගලප්පත්ති මහත්මිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හා ඖෂධ ක්ෂේත්‍රයේ විද්වතුන්, ප්‍රධානීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya