මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති අධිකරණ ඇමති හමුවෙයි

    අගෝස්තු 26, 2023

    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පෝල් මහතා (Poj Harnpol) අතර හමුවක් ( 21) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    දෙරට අතර දිගු කාලයක සිට පවතින ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සහයෝගිතාවය තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු විය.

    වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන තත්වය සහ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්වයට පත්වීම සතුටු දායක බවත්, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර දිගු කාලීනව පවතින ආගමික සංස්කෘතික හා දේශපාලන සබදතාවයන් තවදුරටත් වැඩි දියුණු කරන බවත්, තානාපතිවරයා මෙහිදී සදහන් කළේය.

    තායිලන්තයේ පවතින මැතිවරණ ක්‍රමය පිළිබදව අධිකරණ අමාත්‍යතුමා විසින් තානාපතිවරයාගෙන් කරුණු විමසු අතර එහිදී ඒ පිළිබදව දීර්ඝ පැහැදිලි කිරීමක් තානාපතිවරයා විසින් කරන ලදී.
    තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී නැවත තායිලන්තය වෙත රැගෙන යන ලද මුතු රාජා හස්තියා පිළිබදව අමාත්‍යතුමා විමසන ලද අතර මුතු රාජා හස්තියා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව හෙතෙම සදහන් කරන ලදී.

    මෙරට ජාතීන් අතර සංහිදියාව ගොඩ නැවීම සදහා ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව කාර්යාලය හා හානි පුර්ණ කාර්යාලය ස්ථාපිත කර ඇති බවත් සත්‍ය සෙවීමේ කොමිෂම කඩිනමින් ස්ථාපිත කිරීමට නියමිත බවත් අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.
    මෙරට සිදු වන දුෂණ අක්‍රමිකතා අවම කිරීම සදහා 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, මැතිවරණ වියදම් නියාමනයන කිරීමේ පනත හා දුෂණ විරෝධි පනත මේ වන විට සම්මත කර ඇති බවද අමාත්‍යතුමා පැවසීය.

    මහනුවර ඇසළ පෙරහැර ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සංස්කෘතික මංගල්‍යයක් බැවින් තායිලන්ත සංචාරකයින්ගේ අවධානය ඒ පිළිබදව යොමු කිරීමට ගෙන ඇති පියවර පිළිබදව ද තානාපතිවරයා පැහැදිලි කිරීමක් කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya