මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර සංස්ථා මාළු ඔන් ලයින් ක්‍රමයට ගෙදරටම

    අගෝස්තු 26, 2023

    ලංකා ධීවර සංස්ථාව වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කරමින් ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදන UBER, PICKME ඔස්සේ ගෙදරට ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්හට අවකාශය උදාකර දී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

    අගෝස්තු 23 දා නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි H18 නම් වූ ධීවර සංස්ථා වෙළඳසැල නවීකරණය කර නැවත විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ධීවර රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව පළමු අදියරේ දී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට මෙම පහසුකම සැලසෙනු ඇත.

    "පොඩි ඉඩක පවත්වාගෙන ගිය අවිධිමත් ධීවර සංස්ථා වෙළඳසැල තමයි, අද මේ විදිහට පාරිභෝගිකයන්ට සුව පහසු විදිහට ප්‍රතිනිර්මාණ කරලා තියෙන්නේ. මෙතැන දැන් මුදලින් වගේම QR ක්‍රමයටත් මුදල් ගෙවීමේ හැකියාව තියනවා. UBER, PICKME වගේ සේවා හරහා පාරිභෝගිකයන්ට මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගෙන ගෙදරට ගෙන්වා ගැනීමේ අවස්ථාව උදා කරලා තියෙනවා. ගොඩනැගිලි විතරක් නෙවෙයි මේ වෙනකොට ධීවර සංස්ථාවම අලුත් අදහස් එක්ක නවීකරණය වන බවට මේක හොඳ සාක්ෂියක්"

    ධීවර අමාත්‍යංශය සහ ධීවර සංස්ථාව ද විවිධාකාර අභියෝගයන්ට මුහුණ දෙමින් සිටිය ද, දැක්මක් සහිතව ඉදිරියට යෑමට, තමා උත්සහ දරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙහිදී සඳහන් කළේය.

    "ලංකාවේ හැම රාජ්‍ය ආයතනයක්ම නවීකරණය වෙන්න ඕනෑ. අලුත් ලෝකයට ගැළපෙන විදිහට කටයුතු කරන්න පටන් ගන්න ඕනෑ. හණමිටි අදහස් තියාගෙන රටක් විදිහට ඉදිරියට යන්න අපිට බෑ. සියලුම දෙනා ඒකාබද්ධ ප්‍රවේශයෙන් වැඩ කිරීමෙන් තමයි මේ රට ගොඩනගන්න පුලුවන්"

    කවරාකාරයේ අභියෝග පැමිණිය ද ගුණාත්මක පෝෂදායී මාළු අඩු මිලට ලබාදීම සහ ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය අස්වනු සඳහා සාධාරණ වටිනාකමක් ලබාදීම තම අභිප්‍රාය බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී උපුල් මහතා, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනුෂා ගෝකුල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya