මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පානදුරාවාදයට වසර 150ක් - සැමරුම් උළෙලක් හා වැඩසටහන් රැසක්

    අගෝස්තු 21, 2023

    බෞද්ධයින්ට හිස එසවීමට නොහැකි කාලයක දි බෞද්ධයාගේ හිස කෙලින් තබා ගැනීමට පසුබිම සැකසු පානදුරාවාදයේ නිර්මාතෘ වන මොහොට්ටි වත්තේ ගුණානන්ද හිමියන් වැනි බෞද්ධ පුත්‍රයින් ලක්බිම පහළ නොවුනා නම්, අද වන විට බුදුදහම මේ බිමේ නොමැති වීමට ඉඩ තිබු බව ශ්‍රි අමරපුර සම්බුද්ධ ශාසනෝදය සංඝ ස‍භාවේ මහානායක ධුරන්දර ආචාර්ය වස්කඩුවේ මහින්දවංස නාහිමියෝ පවසති.

    උන් වහන්සේ මේ බව පැවසුවේ, පානදුරාවාදය වසර 150ක් සපිරිම නිමිත්තෙන් අද (21) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුවට එක් වෙමිණි.

    1873 වසරේ දි පැවැති පානදුරාවදායට මේ වසර වන විට වසර 150ක් සපිරේ. ඊට සමගාමිව අගොස්තු මස 26 දින සිට ලබන වසර (2024) පුරාවට ම විවිධ වැඩසටහන් රාශියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    අගොස්තු මස 26 වන දින පානදුර නගර මධ්‍යයේ ගුණානන්ද හිමියන්ගේ පිළිරුවට පුෂ්පෝහාර සිදු කිරිමෙන් ඇරඹෙන මෙම වැසටහන, එම ස්ථානයේ සිට වාදය පැවැත්වෙන ස්ථානය දක්වා පෙරහැරකින් ගමන් කරන අතර සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ වේ.

    තැපැල් දෙපාර්තමේන්තුව මඟින් සැමරැම් මුද්දයක් ද නිකුත් කිරීමට නියමිත ය. එසේම මෙම ‍ඵෙතිහාසික භූමිය සංස්කෘතික දේපලක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු වේ.

    නිමල් ජයවිර විසින් නිර්මාණය කරනු ලැබු වාර්තාමය චිත්‍රපටයක් හා මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර හා පානී වැවල යන විද්වතුන් විසින් නව සංස්කරණයෙන් රචිත “මොහොට්ටි වත්තේ ගුණානන්ද අපදානය ”යන කෘතිය ද එළි දැක්වීමට නියමිත ය.

    ශ්‍රි ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ මානව අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආගමික කටයුතු) එච්.එම් කුමාරි මහත්මිය ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක් ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya