මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබල ඇමති සහ ජයිකා ප්‍රමුඛ නියෝජිතයින් අතර හමුවක්

    අගෝස්තු 21, 2023

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජයිකා) මූල්‍ය සංවර්ධන සහ සහයෝගීතා සබඳතා කටයුතු පිළිබඳ උප සභාපති ආචාර්ය මෙගුමි මුටෝ සහ මෙරට ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමාඩා ප්‍රමුඛ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්විණ.

    එහිදී විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු, පුනර්ජනනීය බලශක්ති වැඩසටහන්, හරිත ප්‍රතිසාධනය සහ කාලගුණික වෙනස්වීම් යන කරුණු මෙහිදී සාකච්ඡාවට ගනු ලැබීය.

     

    මෙරට විදුලිබල ක්ෂෙත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අමාත්‍යංශය තුල ස්ථාපිත ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශය පවත්වාගෙන යාමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය මුල්‍ය ප්‍රධානයක් සිදුකර ඇති අතර විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය උපදේශනයන් ද ලබාදීම සිදුකරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya