මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර තුනකදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කළ නිවාස 37179 අතරින් නිවාස 29034 ක ඉදිකිරීම් අවසන්

    අගෝස්තු 20, 2023

     ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව ඇත්තේ තවත් නිවාස 8145 ක පමණයි...

     ඇස්තමේන්තුගත මුදල රුපියල් රුපියල් මිලියන 18717.771 යි...
     දැනට වැයවී ඇති මුදල රුපියල් මිලියන 16409.667යි...

    වසර තුනක් ඇතුළතදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කළ නිවාස 37179 අතරින් නිවාස 29034 ක ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නිම කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

    එම අධිකාරිය පවසන්නේ තවත් නිවාස 8145 ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව ඇති බවයි. මෙම නිවාස ව්‍යාපෘති පසුගිය 2020 වසරේ සිට 2023 දක්වාවූ වසර තුනක කාලය තුලදී ආරම්භ කරනු ලැබූ ඒවාය. ඔබට ගෙයක් - රටට හෙටක්, මිහිඳු නිවහන, විරු සුමිතුරු, සෙවණ,සේවාභිමානී ඇතුළු නිවාස ආධාර ව්‍යාපෘති 15ක් යටතේ මෙම නිවාස ඉදිකරනු ලැබ ඇත.

    මෙම නිවාස ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් රුපියල් මිලියන 18717.771 කි. ජාතික නිවාස අධිකාරිය සඳහන් කරන්නේ එම මුදලින් මේ වනවිට රුපියල් මිලියන 16409.667ක මුදලක් වැයකර ඇති බවයි.

    නිවාස ව්‍යාපෘතිය සඳහා මුදල් සපයාගෙන ඇත්තේ මහා භාණ්ඩාගාර අරමුදල්, සෙවණ අරමුදල්, අභ්‍යන්තර උත්පාදන හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ විශේෂ ව්‍යාපෘතිවලට අදාළ ලංභාංශ වශයෙන් ලද මුදල් මගිනි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙන්නේ ඉතිරි නිවාස හැකි ඉක්මනින් ඉදිකර අවසන් කරන ලෙසයි. එතෙක් නව නිවාස ව්‍යාපෘති
    ආරම්භ නොකරන ලෙසද ඔහු උපදෙස් දී තිබේ. ඒ අනුව ඉතිරි නිවාස 8,145 ක ඉදිකිරීම් අවසන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

    කොරෝනා වයිරස ව්‍යාප්තිය හා ඉකුත් සමයේදී රට අභ්‍යන්තරයේ පැන නැඟුණු අරගලය හා ආර්ථික අර්බුධ හේතුවෙන් මෙම බොහෝ නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු නියමිත කාලයේදී අවසන් කිරීමට
    නොහැකිවිය.

    එහෙත් මේ වනවිට රට නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් ආර්ථිකය ස්ථාවර වෙමින් තිබේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එබැවින් මහා භාණ්ඩාගාරයට බරක් නොවී නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya