මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවගමුව ශ්‍රි සත්පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැර 19 දින සිට

    අගෝස්තු 19, 2023

    නවගමුව ශ්‍රි පුරාණ සත්පත්තිනි දේවාලයේ ඇසල පෙරහැර සංචාරක ආකර්ෂණ සඳහා ප්‍රවර්ධනය කළ හැකියි

    මහනුවර ඇසළ පෙරහැර හා ගංගාරාම පෙරහැර මෙන් නවගමුව ශ්‍රි පුරාණ සත්පත්තිනි දේවාලයේ ඇසල පෙරහැර සංචාරකයින්ගේ ආකර්ෂණ සඳහා ප්‍රවර්ධනය කිරිමට හැකියාවක් ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ, නවගමුව ශ්‍රි සත්පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය පිළිබඳ (18) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

    නවගමුව ශ්‍රි සත්පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය  (17) දිනයේ දි ආරම්භ විණි.එය මේ මස 19 දින සිට සැප්තැම්බර් 02 දින දක්වා පැවැත් වේ.

     මඩු පේ කිරීම,ගිනිමඩු මහා මංගල්‍යය හා ගරායක් ශාන්ති කර්මනාදිය විවිධ අංග වලින් පෙරහැර මංගල්‍යය සමන්විත වේ.

    මෙම අවස්ථාවට මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකාය කැලණියේ සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ කැළණිය පාර්ශවයේ උත්තරීතර මහා නායක මල්වානේ පඥ්ඥාසාර මහානායක ස්වාමීන් වහන්සේ ද එක් වූහ.

    නවගමුව ශ්‍රි සත්පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය කාලසටහන පහත පරිදි වේ.

    අගොස්තු 19 - කුඹල් පෙරහැර
    අගොස්තු 20 -21 මල් පෙරහැර
    අගොස්ත්‍ර 23 -24 -25 පාවඩ පිට පෙරහැර
    අගොස්තු 26 -27-28 ගොන්පිට රන්දෝළි පෙරහැර
    අගොස්තු 30 -31 හා සැප්තැම්බර් 01-02 දින අලි ඇතුන්පිට මහා රන්දෝළි පෙරහැර
    සැප්තැම්බර් 03 අලුයම දියකැපිම හා ගෙවැදිම
    සැප්තැම්බර් 08 රාත්‍රිය මඩු පේ කිරිම
    සැප්තැම්බර් 09 ගිනමඩු මහා මංගල්‍යය
    සැප්තැම්බර් 10 ගරායක් ශාන්ති කර්මය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya