මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මව්කිරි දීමේ සතිය සැමරීමට උපදේශන වැඩමුළුවක් 

    අගෝස්තු 14, 2023

    ලෝක මව්කිරි දීමේ සතිය සැමරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අන්තජන්ම සහ නව ජන්ම ඒකකය විසින් Advocacy workshop to commemorate world breastfeeding week 2023 උපදේශන වැඩමුළුව අද (14) බත්තරමුල්ල, වෝටර්ස්ඒජ් උත්සව ශාලා පරිශ්‍රෙය්දී පැවැත්විණි.

    ලෝක මව්කිරිදීමේ සතිය 2023 අගෝස්තු 01 සිට 07 දක්වා යෙදී ඇති අතර ඊට සමගාමීව ජාතික වමුකිරි දීමේ මාසයක් ප්‍රකාශයට පත්කර ඇත. මෙවර එහි තේමාව වනුයේ “වැඩට යන දෙමව්පියන්ට සහනදායී වෙනසක් - මව්කිරි දෙන්න සවියක්” යන්නයි.

    මව්කිරි දීම සක්‍රීය කිරීමත් ළදරුවන්ට සහ කුඩා දරුවන්ට ආරක්ෂිත සහ ප්‍රමාණවත් පෝෂණයක් ලබාදීම සහතික කිරීමේත් වැදගත්කම මෙහිදී පෙන්වාදුන් අතරම ශ්‍රී ලංකාව වැනි රටවල මවුකිරි දීමේ පුරුද්ද ආරක්ෂා කරගැනීමට දේශපාලන අංශයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවද මෙහිදී කතාබහට ලක්විය.

    මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිිටියේ, මව්කිරි දීම සම්බන්ධව දිගු ඉතිහාසයක් අපට පවතින අතරම පවත්නා ආර්ථික අර්බුද හමුවේ වුවද ඉතා සැලකිල්ලෙන් එය ආරක්ෂා කරගත යුතු බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya