මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2025 වනවිට ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත්කරනවා- අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    අගෝස්තු 14, 2023

    2025 වසර වන විට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රියදුරන් අනු හතක් (97) සහ කොන්දොස්තරවරුන් හැට හතරක් (64) වෙනුවෙන් නව පත්වීම් ලබාදීම සඳහා අද (14)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

    පත්වීම් ප්‍රදානය සිදු කරනු ලැබූයේ රියදුරන් 800 ක් සහ කොන්දොස්තරවරුන් 290ක් බදවා ගැනීමේ වැඩපිලිවෙලට සමගාමීව ය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    ප්‍රථම රැකියාවේ ඇතිකරනු ලබන පදනම තම ජීවිතයේ අනාගතය තීරණය කිරීම සදහා වැදගත් වනවා. රැකියාව කාර්යක්ෂමව සහ අවංකව සිදු කරනු ලබන පුද්ගලයන් සදහා විධිමත් උසස්වීමේ ක්‍රම වේදයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.දැනට ක්‍රියාත්මක වැඩපිලිවෙල හරහා ලංකා ගමනා ගමන මංඩලය ලාභ ලැබීමත් සමග ප්‍රසාද දීමනා සහ රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ලබන වසරේදී කටයුතු සැලසුම් කර තිබෙනවා.

    අතීතයේදී ලංගම පාඩු ලැබූ විට මහා භාණඩාගාරය හරහා ලංගම පවත්වා ගැනීමට මුදල් ලැබුනා. ලංගම පඹ්‍ණක් නොව පාඩු ලබන ආයතන පවත්වා ගැනීමට මුදල් ණය අධාර හරහා ලැබුනා. එම මුදල් වලින් පාඩු ලබන ආයතන වල වැටුප් සහ වියදම් පියවා ගැනීමට කටයුතු කලා. වර්තමානයේ රටක් වශයෙන් ණය වාරික ගෙවා ගැනීමට නොහැකි නිසා නැවත අලුත් ණය ලබා ගැනීමට නොහැකියි.

    ඔබට ලැබෙන නව බස් රථ , ඉන්දියානු ණය ආධාර යටතේ බස් රථයක් රුපියල් මිලියන 11.5 බැගින් ගෙන තිබෙනවා. එම ණය ආපසු ඉන්දියාවට ගෙවීම සදහා පමනක් එක් දිනක් තුල එක් බස් රථයක් වෙනුවෙන් අවම වශයෙන් රුපියල් 5000 ක මුදලක් වැය වෙනවා. එනම් මාසිකව එක් බස් රථයක් සදහා රුපියල් 150000ක් පමන මුදලක් වෙන් කල යුතුයි.එම නිසා තම රාජකාරිය තුලින් උපයන මුලු මුදලම ලංගමට ලබා දීමට සියලු දෙනා අදිටන් කරගත යුතුයි. උදෑසන අවදිවී නියමිත වේලාවට බස් රථය රැගෙන ගොස් සෑම මගියෙකුටම ප්‍රවේශ පත්‍රයක් නිකුත් කර ලැබෙන ආදායම නිසි වේලාවට ලංගමයට ලබාදීම තුලින් තම වගකීම ඉටු කිරීම සෑම දෙනාගේම වගකීමක්.

    එමෙන්ම මුදල් වංචා සිදු නොකිරීමටද සියලු දෙනා වග බලා ගත යුතුයි. මුදල් වංචා සිදු කරන අයට එරෙහිව තරාතිරම නොබලා දැඩි පියවර ක්‍රියාත්මක වෙනවා.මුදල් වංචා නිසා දිනකට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලංගමට අහිමිවනවා. ටිකට් පත් වංචා සදහා ලංගමයේ හදිසි වැටලීම් ඒකකයේ ඇතැම් අයත් සම්බන්ධ බවට ලැබුනු වාර්තා නිසා පසුගිය සතියේ දී ලංගම හදිසි වැටලීම් ඒකකය විසුරුවා හැරියා. වංචා දූෂණ වලට සම්බන්ධ අය සදහා ආයතනික මට්ටමෙන්ද නව අල්ලස් පනත අනුවද පරීක්ෂන ක්‍රියත්මක වනවා. ඉදිරියේ දී බලපෑම් සහ වංචා වලට පෙලබවීම් රහසේ දැනුම් දීම සදහා නව දුරකතන අංකයක් ලබාදීමට කටයුතු කරනවා. ඒ හරහා වංචා දූෂණ බලපෑම් දැනුම් දිය හැකියි. පැමිණිලි කරන්නන්ගේ රහස්‍ය භාවය අපි ආරක්ෂා කරනවා.වංචා කරන කිසිකෙනෙක් අපි ආරක්ෂා කරන්නේ නෑ. රැකියාවේදී ඇතිවෙන බලපෑම් සහ හිරිහැර වලදී ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා.

    අනතුරු වලක්වා ප්‍රවේසමෙන් රිය පදවා ලංගමට වැඩි ආදායම් ඉපැයීම තුලින් ඔබටත් රටටත් හොද අනාගතයක් ඇතිකරගත හැකියි.

    මෙම අවස්තාවට ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya