මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උළුගලවත්ත කාබනික ඝන පොහොර සැකසුම් මධ්‍යස්ථානයේ පොහොර නිෂ්පාදනය ඇරඹේ

    අගෝස්තු 14, 2023

    ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතේ පවතින වැලිමඩ උළුගලවත්ත කාබනික ඝන පොහොර සැකසුම් මධ්‍යස්ථානයේ පොහොර නිෂ්පාදනය කිරීමේ කටයුතු (11දා ) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත.

    මෙම මධ්‍යස්ථානයේ සකසනු ලබන ඝන කාබනික පොහොර මාසිකව මෙට්‍රික් ටොන් 5000ක් බැගින් අපනයනය කිරීමට කටයුතු යොදා තිබේ. මෙමපොහොරවලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඩුබායි හි ඉදි කෙරෙමින් තිබෙන වගා ව්‍යාපෘතියක් සඳහා සපයනු ලබයි.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහි නිෂ්පාදන කටයුතු පිරික්සීමට ලක් කළ අතර එම කාබනික පොහොර යොදා සකස් කළ ආරක්ෂිත කුටිවලවගා කරන ලද සාර්ථක එළවළු වගාව හා ගස්ලබු වගාව ද පරීක්ෂා කළේය.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙරට කෘෂිකර්මාන්තය සියයට සියයක් කාබනික පොහොර යොදා සිදු කිරීමට ගත් තීරණය නිසා මෙරට කෘෂිකාර්මිකඅංශය මුළුමනින්ම බිද වැටුනු බව සදහන් කළේය.

    එමෙන්ම මේ වනවිට සියයට 100ක්ම නැවතත් රසායනික පොහොර යෙදීම සඳහා ගොවීන් පෙළඹී තිබුනද රසායනික පොහොර යෙදීමෙන් සිදුවනසෞඛ්‍යමය ගැටලු සම්බන්ධව විශාල කතිකාවතක් මින් පෙර විද්වතුන් රට පුරා දියත් කළ බව ද පැවසීය.

    කෙසේ වුවද ගොවිතැනින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් කාබනික හා රසායනික පොහොර දෙවර්ගයම නිර්දේශිත අනුව යෙදීම මගින් ඉහළ අස්වැන්නක්ලබා ගැනීමට මෙන්ම ආහාරවල ගුණාත්මකභාවයටත් හේතුවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදු කළ පර්යේෂණ මගින් සනාථ වී ඇති බවදඅමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    එම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර ඒ. එච්. එම්. මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශණ දෙනිපිටිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ හා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්දසාගර යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගි විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya