මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ තෙදින පුහුණු වැඩමුළුවක්  

    අගෝස්තු 14, 2023

    ධූරධාරීන් නොමැති පළාත් පාලන ආයතන රටේ පවතින වත්මන් තත්ත්වය තුළ පවත්වාගෙන යා යුතු ආකාරය" පිළිබඳ තෙදින පුහුණු වැඩමුළු මාලාවේ බස්නාහිර පළාත් වැඩමුළුව ඉකුත්දා (11) දින පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේදී පළාත් සභා හා පළාත් පාලන කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය සූරතිස්ස දිසානායක මහතාගේ සංකල්පයකට අනුව පළාත් පාලන ආයතන වල ලේකම්වරුන්ට සිය වෘත්තිය කටයුතු වලදී මුහුණ පාන ගැටළු සාකච්ඡා කිරීම සහ අත්‍යවශ්‍ය දැනුම ලබාදීම මඟින් ගුණාත්මක පළාත් පාලන සේවයක් ඇති කිරීමේ අරමුණින් මෙම පුහුණු වැඩමුළු මාලාව සංවිධානය කර තිබේ. මෙම වැඩමුළු මාලාව One Text Initiative (OTI) ආයතනයේ මූල්‍යාධාර යටතේ මෙහෙයවන ලදී.

    අගෝස්තු 12 සහ 13 යන දෙදිනපුරාද මෙම වැඩමුළුව පැවැත්වූ අතර පළාත් පාලන මූල්‍ය කළමනාකරණය, පළාත් පාලන නීතිය, පළාත් පාලන ආයතනයක බලතල, කර්තව්‍ය සහ යුතුකම් ඉටු කිරීමේදී නිලධාරියාගේ කාර්යභාරය සහ අභියෝග, පළාත් පාලන ආයතන ස්වයං උත්පාදන ආයතන බවට පත්කිරීම, පර්යේෂණ ක්‍රමවේදය, ව්‍යාපෘති කළමනාකරණය ඇතුළු විෂයන් ගණනාවක් මෙහිදී ආවරණය කරන ලදී..

    ආචාර්ය සූරතිස්ස දිසානායක, මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, මහාචාර්ය සුරංගද සිල්වා, ආචාර්ය ප්‍රේමසිරි ගමගේ, අතිරේක ලේකම් මහේෂිකා කොඩිප්පිලිආරච්චි, අතිරේක ලේකම් ධම්මික මුතුගල, නීතිඥ ගයනි ප්‍රේමතිලක, ප්‍රේමසිරි විතාරණ, යන මහත්ම මහත්මින් මෙහිදී දේශන පැවැත්වූහ.

    මෙම වැඩමුළු මාලාවේ සෙසු වැඩමුළු දකුණු සහ උතුරු පළාත් සඳහා අගෝස්තු 18-20 යන දිනවලත් සැප්තැම්බර් 15-17 දිනවලදීත් පැවැත්වීමට නියමිතය.​

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya