මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයට බරක් නොවන පරිදි අනුරාධපුර සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට ගත් පියවර අගය කළ යුතුයි

    අගෝස්තු 14, 2023

    රුවන්වැලි චෛත්‍යාරාමාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේ.

    අනුරාධපුර සිට මිහින්තලේ දක්වා දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමට එක්වූ ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (08/13) පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී මහා බෝධි පරිශ්‍රය සිදුකෙරුණු පැවති ආගමික වතාවත් වලින් අනතුරුව අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට එක් විය.

    ඉන් අනතුරුව අනුරාධපුර රුවන්වැලි මහා සෑය අබියස සිදුකෙරුණු ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව රුවන්වැලි චෛත්‍යාරාමාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට ද එක්විය.

    එහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේ,

    ඉතිහාසයේ ඉතාමත් කඩිනමින් ඉදිකිරීම් අවසන් වූ දුම්රිය මාර්ගය ලෙස අනුරාධපුර - ඕමන්ත මාර්ගය හඳුන්වන්නට පුළුවන්. ඉතාමත් හොඳ ප්‍රමිතියකින් යුතුව මාර්ගය නිම කර ඇති බව මාර්ගයේ ගමන් කිරීමේදී අපට වැටහුනා.

    ඒ ආකාරයටම මිහින්තලය මාර්ගයේ ආරම්භ කළ ප්‍රතිසංස්කරණ කටයුතු ද ඉතාමත් ඉක්මනින් අවසන් කරුණු ඇති බව අප විශ්වාස කරනවා. විශේෂයෙන්ම ප්‍රදේශවාසීන්, වන්දනාකරුවන්, ව්‍යාපාරිකයින් ඇතුලු විශාල පිරිසකගේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පැවති ඉල්ලීමක් ඉටු කරමින් මෙම මාර්ගය වෙත අවධානය යොමු කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ඉතාමත් වැදගත්.

    ත්‍රිකුණාමලය, යාපනය ආදී ප්‍රදේශවල නිෂ්පාදනය කරන කෘෂිකාර්මික නිෂ්පාදන කොළඹ දක්වා ප්‍රවාහනය කිරීමේදී පවතින බාධා අවම කිරීම සඳහා ශීතාගාර සහිත ගබඩා සංකීර්ණයක් මේ ප්‍රදේශයේදී කිරීම පිළිබඳව බොහෝ කාලයක් තිස්සේ විවිධ රජයන්ගෙන් මහා සංඝරත්නයද ඉල්ලීම් සිදුකළා.

    එවැනි වටපිටාවක් තුළ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ගත් මේ පියවර ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම රජයටත් බරක් නොවන පරිදි මෙම කටයුතු සැලසුම් කිරීමට ගත් පියවර අගය කළ යුතුයි.

    මේ වන විට කෘෂි කර්මාන්තය වෙනුවෙන් දැරීමට සිදු වන නිෂ්පාදන වියදම, අපතේ යෑම මෙන්ම ප්‍රවාහන වියදම ද ඉතාමත් වැඩියි. එම නිසා ගොවීන්ට ආසන්නම ස්ථානයක මේ ආකාරයට ඔවුන්ගේ නිෂ්පාදන රැස් කරමින් රට පුරා මෙන්ම විදෙස් රට වලටත් යැවීම සඳහා සැලසුමක අවශ්‍යතාවය එදා පටන් පැවතුණා. කෘෂිකර්මාන්තයෙන් ජීවත්වන උතුර, උතුරුමැද ඇතුළු පළාත් රැසක ජනතාවගේ අවශ්‍යතාවයන් රැසක් මේ තුලින් ඉටුවනවා. එම නිසා මෙම ඉල්ලීම කඩිනමින් ඉටුකර දෙන ලෙස පසුගිය දිනක ජනාධිපතිවරයාටද දැනුම් දුන්නා. එය භාර අමාත්‍යවරයා ලෙස එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීමට පියවර ගැනීම පිළිබදව අප සතුටට පත්වනවා.

    2014 වසරේ මුල් වරට මහව සිට යාපනය දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා මුල්ගල තබා කටයුතු ආරම්භ කර තිබෙනවා. එවක පටන් රජයන් කිහිපයක් ඇති අමාත්‍යවරුන් හත් දෙනෙකුට වඩා ප්‍රවාහන විෂය පහළොවක් කටයුතු කර තිබුනත් විවිධ හේතුන් මත ඒ කිසිවකුටත් එය අවසන් කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

    ඒ මාර්ගය මේ ආකාරයෙන් ඉහළ ප්‍රමිතියකින් යුතුව අවසන් කිරීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත්. එහි ඉතිරි කොටස වන මහව සිට අනුරාධපුර දක්වා කොටස බොහෝ කලක සිට නවීකරණයක් නොමැතිව අබලන් තත්වයේ පවතිනවා. මේ වන විට පවතින ආර්ථික තත්ත්වය තුළ දුම්රිය ප්‍රවාහනය තුළින් ජනතාවට විශාල සේවයක් ඉටු වනවා. ඉන්ධන ගැටළුවට, මාර්ග තදබදයට එය ඉතාමත් හොඳ විසදුමක්. ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ ඉල්ලීමක් වශයෙන් අපගේ ජීවිත කාලය තුල මෙය ඉදිකිරීම් අවසන් කොට විවෘත වනවා දැකීම අප සැමගේම බලාපොරොත්තුවක්.ඔහු කාලයක් ඒ කතාවට පමණක් සීමා වී තිබුණා.

    නිෂ්පාදන ආර්ථිකයක් ඔස්සේ ලෝක වෙළඳපොළ ජය ගැනීමට සැරසෙන ස්මාට් ගොවියෙක් නිර්මාණය වන යුගයක් අද ඇති වී තිබෙනවා. කාබනික ලෙස සිදුකරන නිෂ්පාදන අලෙවි කිරීම සඳහා නව වෙළෙඳපොළ අවස්ථාවන් බිහි කළ යුතුයි. බොහෝ පිරිසක් මේ වන විට කාබනික ආහාර පාන වෙත නැඹුරු වෙමින් පවතිනවා.
    මෙම සියලූ සංකල්පයන් සාර්ථක කර ගැනීම සඳහා ආරම්භ කරන ලද අනුරාධපුර මිහින්තලය දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියත්, අනුරාධපුර මහව දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ද ඉවහල් වනු ඇති බවට මා විශ්වාස කරනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya