මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට ක්‍රියාත්මක වීමට වැඩපිළිවෙළක් සකස්කරන්න - කෝපා කමිටුවෙන් උපදෙස්

    අගෝස්තු 13, 2023

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යම් ආකාරයකින් ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙළක් සකස්කරන ලෙස කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.

    රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා මෙම උපදෙස් ලබාදුන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

    එසේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්යට ගැලපෙන ලෙස ඉදිරි කටයුතු කිරීම පිළිබඳව නීතිමය රාමුවක් සැකසීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 11 දිනට පෙර දින වකවානු සහිත වාර්තාවක් කෝපා කමිටුවට ලබාදෙන ලෙස ලසන්ත අලගියවන්න මහතා නිර්දේශ කළේය.

    මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ වසර තුනහමාරකින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගැනීම් සිදු කර නැති බවත් සිවිල් ආරක්ෂක බලකාය ක්ෂයවීමේ හමුදාවක් ලෙස මේ වන විට නම් කොට ඇති බවත්ය. එසේම සිවිල් ආරක්ෂක බලකාය සතුව මේ වන විට 33687 ක් සේවය කරන බවද පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන් අතර එම පිරිස අනුයුක්ත කොට ඇති ස්ථාන සහ සේවාවන් පිළිබඳවද සඳහන් කළේය.

    එසේම මෙහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා විසින් මෙම බලකාය පිහිටුවීම පිළිබඳව සහ එහි කටයුතු සිදුවූ ආකාරය පිළිබඳව පැහැදිලි කිරීම සිදු කළේය.

    තවද අවශ්‍යතාව ඉක්මවා සිදු කළ මිලදීගැනීම් පිළිබඳව, මෙම දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ව්‍යාපෘති පිළිබඳව සහ මෙම බලකාය විසින් වගාකළ ධාන්‍ය, අස්වැන්න විකිණීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා
    කළේය.

    මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, චාමර සම්පත් දසනායක, ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, සහන් ප්‍රදීප් විතාන, ඉසුරු දොඩන්ගොඩ, ජයන්ත කැටගොඩ සහ (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya