මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජනය පමණක් නොව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි ඉන්දියාවේ සහයෝගය අපි රටක් වශයෙන් අගය කරනවා..

    අගෝස්තු 13, 2023

    ඉන්දියාව ශ්‍රී ලංකාවට ළඟම අසල්වැසියායි - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

     

     

    ශ්‍රී ලංකාවට ආසන්නතම අසල්වැසියා වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි ඉන්දියාවේ සහයෝගය, රටක් වශයෙන් ඉතා අගය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ, කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ඉන්දීය කර්මාන්ත සම්මේලනය (CII) සහ කොටස් තැරැව්කාර සමාගම් සමඟ එක්ව සංවිධානය කර, ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැති “Invest Sri Lanka”- ඉන්දියා - චෙන්නායි සහ මුම්බායි සංසදයට සහභාගී වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.

    ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් ආර්ථික ස්ථායිකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ඉන්දියාව ඇතුළු සියලුම රටවල් ඊට සහයෝගය ලබා දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කෘතඥ පූර්වකව සිහිපත් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya