මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ආයෝජකයින්ට සුදුසුම කාලය එළඹ තිබෙනවා- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    අගෝස්තු 10, 2023

    ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ආයෝජකයින්ට සුදුසුම කාලය එළඹ තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, ශ්‍රී ලංකාව වේගවත් ආර්ථික ප්‍රකෘතියක් සහ තිරසාර, සමානාත්මතා වර්ධනයක් කරා ගමන් කිරීමට සූදානම් වන බැවින්, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ආයෝජකයින්ට ස්ථානගත වීමට හොඳම කාලය මෙය බවයි.

    ඔහු මේ බව පැවසුවේ, කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ඉන්දීය කර්මාන්ත සම්මේලනය (CII) සහ කොටස් තැරැව්කාර සමාගම් සමඟ එක්ව සංවිධානය කරන ලද “Invest Sri Lanka”- ඉන්දියාවේ - චෙන්නායි සහ මුම්බායි (09) හි ආයෝජක සංසදය අමතමිනි.

    මෙය ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළට විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන සංසද මාලාවකි.

    මෙම සංසදය අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ආයෝජන දෘෂ්ටිකෝණයකින් ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය බව දිගු කලක් තිස්සේ පෙනෙන්නට තිබූ නමුත්, සාර්ව ආර්ථික අසමතුලිතතාවයන් නිසා එය අඩාල වී තිබූ බවයි.

    මෑත කාලීන ආර්ථික අර්බුදය, දිගු කලක් පුරා නොසලකා හරින ලද ප්‍රතිසංස්කරණ සඳහා උත්ප්‍රේරකයක් වී ඇති බවත්, මෑත කාලීන ප්‍රතිසංස්කරණ තුළ මෙම ආර්ථික දුර්වලතා අවසන් වෙමින් පවතින බවත් ඔහු පැවසීය.

    “දිගු කලක් තිස්සේ යටපත් වී තිබූ දැවැන්ත ආර්ථික ස්ථායිකරණ විභවය සපුරා ගැනීමට මෙම ආයෝජන ප්‍රවර්ධන අවස්ථාව මඟින් ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙන බව අපි විශ්වාස කරනවා. ආයෝජන අවස්ථා කළඹක් හරහා ආයෝජන ඉදිරි දර්ශනයකින් යුතු වන විශිෂ්ට අවස්ථාවක් මෙමඟින් නිර්මාණය කරනවා.

    ශක්තිමත් ආයතනික සහ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ මගින් අගුලු දමා ඇති උද්ධමනය තනි ඉලක්කම් මට්ටමට නැවත පැමිණෙන විට, පොලී අනුපාතවල අපේක්ෂිත පහත වැටීම කොටස් සහ ස්ථාවර ආදායම් වෙළෙඳපොලවල් දෙකෙහිම පැහැදිලි අවස්ථා නිර්මාණය කරන ආකාරය වර්තමාන ආර්ථික තත්වය තුළ අපට දැකගත හැකිව තිබෙනවා.

    ඉදිරි කාලපරිච්ඡේදයේ ආර්ථික වර්ධනය අපේක්ෂාවෙන්, මෙරට ආයෝජන අවස්ථා තවදුරටත් දිරිමත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.ශ්‍රී ලංකාව නිවැරදි මාවතට ප්‍රවිශ්ඨ වී තිබෙනවා මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජනය ට සුදුසුම කාලය මෙය බවට පෙන්වා දිය හැකියි..” රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම මධ්‍ය කාලීන සිට දිගු කාලීන හා තිරසර වර්ධනයක් සඳහා මූලික වන වෙළෙඳපොළක පළමු වාසිය ලබා ගන්නා මෙන් රාජ්‍ය අමාත්‍යවරයා, ලොව පුරා ආයෝජකයන්ට මෙහිදී ආරාධනා කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya