මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''අග්බෝ'' ඇතාට නිතිපතා ප්‍රතිකාර සිදු කරනවා - වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය

    අගෝස්තු 10, 2023

    ''අග්බෝ'' ඇතා සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් නිතිපතා සත්ත්වයාට ප්‍රතිකාර සිදු කරන බවත් වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.

    අමාත්‍යවරිය අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, මන්ත්‍රී ජගත් කුමාර මහතා විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    ''අග්බෝ ඇතා සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. නිතිපතා සත්ත්වයාට ප්‍රතිකාර කරනවා.ඈතාගේ ජීවිතය ගැන නිගමනය කරන්න බෑ. ඇතා බේරා ගැනීම සඳහා කටයුතු කරනවා. කකුලේ තුවාලයට නිරන්තරයෙන් ප්‍රතිකාර කරනවා. ඇතා ආරක්ෂා කරගන්න නිතිපතා ප්‍රතිකාර කරනවා. ඇතාට අවශ්‍ය කෑම ලබා දෙනවා. විදෙස් රටවලින් මුදල් ගෙනැවිල්ලා, බෙහෙත් ගේන්න අවශ්‍ය නෑ. අවශ්‍ය මුදල් ලබාදෙනවා. ඇතාට ප්‍රතිකාර සඳහා මුදල් පිළිබඳ ගැටළුවක් නෑ'' යැයි ද අමාත්‍යවරිය පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya