මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරිගම-අඹේපුස්ස අතර දුම්රිය මාර්ගය තනි මාර්ගයක් ලෙස මේ වන විට විවෘත කර තිබෙනවා - අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්)  

    අගෝස්තු 09, 2023

    පොල්ගහවෙල හන්දිය සිට රත්මලාන දක්වා ධාවනය වන අර්ධ ශීඝ්‍රගාමි දුම්රිය විලවත්ත සහ මීරිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය හරස් මාර්ගයේ ලොරි රථයක් (කන්ටේනර් ප්‍රවාහන) ගැටීමෙන් සිදු වූ අනතුර නිසා මීරිගම අඹේපුස්ස දුම්රිය මාර්ගය මේ වන විට තනි මාර්ගයක් ලෙස භාවිතා කිරීම සඳහා විවෘත කර ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී.එස්.පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේය.


    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) මෙම දුම්රිය අනතුර පිළිබඳව රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී ය.

    මෙම අනතුර නිසා ප්‍රධාන මාර්ගයේ ඉහළ සහ පහළ ගමන් ගන්නා උදෑසන කාර්යාලයීය දුම්රියන් සියල්ල ප්‍රමාද වී ධාවනය විය.
    මේ හේතුවෙන් සිදු ව ඇති හානි පිළිබඳව සොයා බලා කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya