මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “හෙළ වෙද රුවනාර” දීප ව්‍යාප්ත ජංගම වැඩසටහන අද ඇරඹෙයි 

    අගෝස්තු 03, 2023

    මුදලට සීමා නොවී සිය ධනය, ශ්‍රමය, කාලය වැය කරමින් රෝගීන් සුවපත් කිරීමෙහි ලා කෘතහස්ත මෙහෙවරක් ඉටු කරනු ලබන ලියාපදිංචිය නොලත් පාරම්පරික වෛද්‍යවරුන් උදෙසා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමීමේ “හෙළ වෙද රුවනාර” දීප ව්‍යාප්ත ජංගම වැඩසටහන දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනූව 2023 අගෝස්තු 03 සහ 04 එනම් අද සහ හෙට යන දෙදින මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරේ.

    ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබාදෙන සේවාවන් දිස්ත්‍රික්ක මට්ටමෙන් සැපයීම අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම ජංගම සේවාව මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මාතලේ තැන්න ආයුර්වේද රෝහලේදී දෙදිනක් පුරා පැවැත්වීමට නියමිතය.

    තවද මෙහිදී නවක ලියාපදිංචිය සඳහා අයදුම්පත් ලබාගැනීම, ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අලුත් කිරීම හා ඊට අදාල ලිපි නිකුත් කිරීම, 1961 අංක 31 දරණ ආයුර්වේද පනතේ විධිවිධාන වලට අනුකූලව මුද්‍රණය කළ ආයුර්වේද වෛද්‍ය සභා ලාංඡනය සහිත හැඳුනුම්පත් වලට අදාල අයදුම්පත් නිකුත් කිරීම, ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා වාහන ලාංඡන නිකුත් කිරීම, සාරානුකූල සිංහල සහතික පිටපත් නිකුත් කිරීම, ඉංග්‍රීසි සහතික පිටපත් නිකුත් කිරීම, නම් වෙනස් කිරීමේ ලිපි නිකුත් කිරීම, ලියාපදිංචිය තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම, චරිත සහතික නිකුත් කිරීම ඇතුළු සේවාවන් රැසක් මෙම ජංගම සේවාව තුළින් පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යවරුන් වෙත ලබාදීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya