අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලයට ඩෙංගු මදූරු මර්දන සතියක් - මදූරු මර්දන සහායකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 150 ක් එක්වෙයි

    මාර්තු 23, 2017

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සෘඡු අධීක්ෂණය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු මදූරු මර්දන සතියක් ඊයේ (22) සිට ආරම්භ විය.

    ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, සෞඛ්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, මදූරු මර්දන සහායකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 150 ක් මෙම මදූරු මර්දන සතියට එක් ව සිටිති.

    නිවාස පරීක්ෂා කිරිම, ලිං පරීක්ෂා කිරීම, ධූමායන කටයුතු සිදූ කිරිම මෙම කණ්ඩායම මගින් සිදූ කරන අතර, ඒ සදහා දායකත්වය දැක්වීමට ස්වෙිචිඡා කණ්ඩායම් ද එක් ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

    ත්‍රීකුණාමලය මහ රෝහලට සහ කින්නියා රෝහලට රෝගී සත්කාරක සේවා සදහා අතිරේක වෛද්‍යවරුන් 20 ක් සහ හෙද හෙදියන් 30 ක් යොමු කිරිමට පියවර ගෙන ඇත. කින්නියා රෝහලේ අධීසත්කාර ඒකකයක් ස්ථාපිත කර ඇති අතර, රෝහලට අවශ්‍ය උපකරණ සහ ඖෂධ ලබාදීමට ද කටයුතු යොදා ඇත.

    ධූමායන කටයුතු සිදූ කිරිම සදහා බස්නාහිර පළාතට බදවා ගත් මදූරු මර්දන සහායකයින් 100 ක් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයට අනුයුක්ත කර ඇත. නිවාස පරීක්ෂා කිරිම වැඩි කිරිමටත්, නිවාස තුළ ජලය රැදී ඇති ස්ථාන විනාශ කිරීමටත්, ජනතාව දැනුවත් කිරීමටත්  සෞඛ්‍ය කණ්ඩායම් පියවර ගෙන තිබේ. කීට විද්‍යා සමිීක්ෂණ සිදූ කිරීම සදහා කීටවිද්‍යා සහකාරවරුන් ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට යොමු කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    රෝගී සත්කාරක සේවා දැඩි කිරිමත් සමග ඩෙංගු මරණ සංඛ්‍යාව අවම වී ඇති බව වෛද්‍ය වාර්තා පෙන්වා දෙයි. පළාත් පාලන ආයතන මැදිහත් වී කඩිනමින් කසළ බැහැර කිරීමෙි කටයුතු විධිමත් කළ යුතු බවත්, ජනතාවගේ මැදිහත්වීම වැඩිවිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේ රැදී සිටිමින් මෙම කටයුතු අධීක්ෂණය කරයි. සෑම විටම සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරමින් අවශ්‍ය පියවර ගනු ලබයි.

    ත්‍රීකුණාමලය කින්නියා ප්‍රදේශයේ මතු වූ ඩෙංගු මදූරු තත්ත්වය කඩිනමින් පාලනය කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් පියවර ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ද අගය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya