අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවැනි සීඝ්‍ර‍තම වර්ධනය ළඟා කරගත් වරාය කොළඹ වරායයි - ඇමති ජාත්‍යන්තරය දැනුවත් කරයි

    මාර්තු 22, 2017

    බහළු මෙහෙයුම් සිදුකරන වරායන් අතර දෙවැනි සීඝ්‍ර‍තම වර්ධනය ළඟා කරගත් වරාය බවට කොළඹ වරාය පත්වී ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

     එම වර්ධනය 10.6% කි.  “ශ්‍රී ලංකාවේ දැන් තියෙන්නේ දේශපාලනික වශයෙන් සාමකාමී වාතාවරණයක්. මේ වන විට රජය සහ ආයෝජකයින් අතර මිත්‍ර‍ශීලී සබඳතාවක්ද පවතිනවා. මේ නිසා කොළඹ, හම්බන්තොට, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන වාණිජ වරායන්හි ආයෝජනය සඳහා  විශේෂ අවධානයක් ඔබට යොමු කළ හැකියි. එවැනි අවස්ථා මොනවාදැයි හඳුනා ගැනීමට අපේ රටට පැමිණෙන්නැයිද මම විවෘත ආරාධනාවක් කරනවා....” යැයිද  අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර ක්‍රාන්ස් මොන්ටානා සමුළුවේ සමුද්‍රීය දින සම්මන්ත්‍ර‍ණය අමතමිනි.


    ඊයේ අවසන් වූ (21) ක්‍රාන්ස් මොන්ටානා ජාත්‍යන්තර සමුළුවෙහි තේමාව වූයේ “විසි එක්වැනි සියවස වෙනුවෙන් නව අප්‍රිකාවක් දෙසට” (Towards a new Africa for the 21st century)යන්නයි. එම සමුළුවේදී අප්‍රිකාවේ කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතතාව, දේශපාලන සහ ආර්ථික ක්‍රියාවලිය උදෙසා කාන්තා භූමිකාව, අප්‍රිකාවේ කුඩා දූපත් සංවර්ධනය, අනාගත නායකත්වය, නැගී එන ආර්ථිකයේ බලශක්ති උත්පාදනය සහ බෙදා හැරීම, අප්‍රිකාව, කුඩා දූපත් සංවර්ධන ජනපද සහ ජාත්‍යන්තර සමුද්‍රීය වෙළඳපොළ යන විෂය කෙරෙහි වැඩි අවධානයක් යොමු විණ. එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය දේශනය පැවැත්වූයේ “ ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය, ප්‍ර‍තිපත්ති සහ ව්‍යාපෘති” තේමාව යටතේයි.

     “ශ්‍රී ලංකාවේ වරාය සේවා මේ වන විට දකුණු ආසියාවේ ඉතා ක්‍රියාශීලී සහ කැපවීමෙන් සේවා සපයන කේන්ද්‍ර‍ස්ථානයක් ලෙස ශීඝ්‍ර‍ දියුණුව කරා ගමන් කරමින් සිටිනවා. එහිදී අපගේ ප්‍රධානතම වරාය වන්නේ කොළඹ වරාය. ශ්‍රී ලංකාවට එන නෞකාවන්ගෙන් සියයට 87ක්ම මේ කොළඹ වරායේදී හසුරුවනවා. බහළු මෙහෙයුම් සියයට සියයක් සිදුකරන්නේද කොළඹ වරාය. ඇල්ෆාලයිනර් වර්ගීකරණයට අනුව 2015 වසරේදී මේ කොළඹ වරාය 26 වැනි ස්ථානයට පැමිණියා. ඉන්පසු 2016 වසරේදී 23 වැනි ස්ථාන දක්වා ඉදිරියට පැමිණියා. ඒ අනුව බහළු මෙහෙයුම් සිදුකරන වරායන් අතර දෙවැනි සීඝ්‍ර‍තම වර්ධනය (10.6%) ළඟා කරගත් වරාය බවට කොළඹ වරාය පත් වී තියෙනවා....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.


    ක්‍රාන්ස් මොන්ටානා සංවිධානය ස්විස්ටර්ලන්තයේදී ආරම්භ වූයේ 1986  වර්ෂයේදී ය. උසස් මට්ටමේ වගකීම් දරන සියලුම පාර්ශ්ව අතර ස්ථිර සංවාදයක් ඇතිකිරීම එම සංවිධානයේ අරමුණ වී තිබේ. එහි පළමු සමුළුව 1990 දී පැවැත්විණි. මොරොක්කෝවේ ඩක්ලා නුවර පැවැති මෙවර සමුළුවේදී අප්‍රිකාව සහ ඒ ආශ්‍රිත කුඩා දූපත් සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya