අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලජීවි වගාව නගාසිටුවීමට කොරියානු ප්‍රදානයක්

    මාර්තු 16, 2017

    ශ්‍රී ලංකාවේ ජලජිවි වගාව නගාසිටුවීම ව්‍යාප්ත කිරීමට කොරියානු රජයේ රුපියල් මිලියන 375 ක් ලබාදීමට අවධානය යොමු වී තිබෙන බව  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ කොරීයානු සාගර හා ධීවර අමාත්‍යංශය අතර පැවති සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන 375 (ඩොලර් මිලියන 2.5) ක් ප්‍රදානයක් ලෙස ලබාදීමට අවධානය යොමු වී තිබේ.

    ප්‍රදානය ලෙස කොරියාවෙන් ලැබෙන මෙම මුදල්  ජලජිවි වගා සංවර්ධන අධිකාරියට ලබාදී දේශීය ජලජිවි වගාව වැඩි දියුණු කිරීමට සැලසුම් සකස් කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි
     
    ඒ පිළිබඳව මේ වන විටත් ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ජා කර අදාළ ආධාර වැය කළයුතු ව්‍යාපෘති හදුනාගෙන ඇත .

    මේ අනුව ඉස්සන් හා මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත පුරයක් සඳහා මෙම කොරීයානු ආධාර යෙදවීමට යෝජනා ඉදිරිපත්ව තිබේ .

    ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයා කොරියාවේ සිදුකළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනය විසින් නිවාස 100 කින් සමන්විත ධීවර නිවාස ගම්මානයක් සඳහා ආධාර ලබාදුන් අතර එම ගම්මානයේ නිවාස ඉදිකිරිම මේ වනවිට සිදුවෙමින් පවති .

    අබලන්තොට බටඅත දකුණ ඉදිකෙරෙන “දියවර සෙවණ” ධීවර නිවාස ගමනයේ නිවාස 25ක ඉදිකිරීම් මේ වනවිට අවසන් අදීයරේ පවතී.

    තවද කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනය නවීන තාක්‍ෂණ පහසුකම්වලින් සමන්විත ධීවර තාක්‍ෂණ  විද්‍යාල දෙකක් ලබාදීමටද කැමැත්ත පළ කර ඇති අතර ඉන් එක් තාක්‍ෂණ විද්‍යාලයක් උතුරු පළාතටත් , අනෙක් තාක්‍ෂණ විද්‍යාලය දකුණු පළාතටත් වශයෙන් එම තාක්‍ෂණ විද්‍යාල දෙකේ ඉදිකිරීම්ද කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත .
     
    එසේම මෙරට ප්‍රථම බහු කාර්ය ධීවර වරායන් ඉදිකිරිම සඳහාද මුල්‍ය අනුග්‍රහය ලබාදීමට කොරියාව ඉදිරිපත්ව සිටි .


    එම බහු කාර්ය ධීවර වරායන් උඩප්පුව, චලෙයි,මාදගල්,ඩෙල්ෆ් හා තංගල්ල ප්‍රදේශවල ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා මුලික ශක්‍යතා අධ්‍යනයන් මෙන්ම සැලසුම් ද නොමිලයේ සිදු කර දීමට කොරියාව කැමැත්ත පළ කර ඇති අතර ඒ සඳහා කොරියාවේ ඉහළ පෙලේ නියෝජිත කණ්ඩායමක් ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya